චිත්තාභ්‍යාස සදහම් චාරිකාව
එඩ්වඩ් වීරසිංහ, කැලණිය සමූහ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, රජයටත්, ත්‍රිවිධ හමුදාව සහ
පොලීසියටත්, රටවැසියාටත්, ත්‍රිවිධ රත්නයේ හා දෙවියන්ගේ ආශිර්වාදය
ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය පෙරටු කරගත් චිත්තාභ්‍යාස
සදහම් චාරිකාව දෙසැම්බර් මස 11 වැනි දින කැලණියේ සිට මිහින්තලයටත්, 12
වැනි දින (උඳුවප් පුර පසළොස්වක පොහෝ දින) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ
සමිඳු අබියසටත් ගමන් ආරම්භ කෙරේ. පොහෝ දින දවස පුරා ආගමික කටයුතු වල
යෙදී සිටින දහස් සංඛ්‍යාත චිත්තාභ්‍යාසලාභීන් හා මහා සංඝරත්නය සවස 6.00
ට රුවන්වැලි සෑ මළුවේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරනු බව මෙම සදහම්
චාරිකාවේ ප්‍රධාන සංවිධායක කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධනය හා පර්යේෂණ
මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
උතුරාවල ධම්මරතන හිමියෝ පැවසූහ. |