Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ප්‍රංශයේ වෙසෙන කාම්බෝජ වියට්නාම්, ලාඕස් ජාතික ආදි බොදු පිරිසක් ඉකුත්දා මෙරට වන්දනා චාරිකාවක නිරත වූහ. එම පිරිස කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සහ ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් සමග සේයාරුවකට මුහුණ දුන් අවස්ථාව .

ඉන්දියාවේ බරණැස ඉසිපතන විහාරයේ කඨින පූජෝත්සවය පසුගිය පෝයදා සීමාසහිත ගම්පහ හෙනරත්ගොඩ සණස බැංකුවේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. ඊට සමගාමීව ඉසිපතන විහාර භූමියේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය ඇතුළු පින්කම් රැසක් පැවැත්විණි. එම අවස්ථාවට සීමාසහිත ගම්පහ හෙනරත්ගොඩ සණස බැංකුවේ සභාපති ඩබ්ලිව්.ඒ.එන්. සී. වනසිංහ මහතා හා අධ්‍යක්ෂක මණ්ඩලය සමග සමූපාකාර සාමාජික සාමාජිකාවන් ද සහභාගි වූහ. සභාපති වනසිංහ මහතා විසින් කහවත්තේ සුමේධ හිමියන් වෙත කඨින චීවරය පූජා කළ අයුරු.
(මල්වාන සමූහ මහානාම විතානගේ)

“බෝකුන්දර එච්.ඩී.ජී. වීරසිංහ මහතාගේ දායකත්වයෙන් දඹදිව සිට වැඩම වූ ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක් ඔහුගේම ධන පරිත්‍යාගයෙන් පූජා කරන ලද බෝකුංදර සිරිපුර මැද්දෝවිට ශ්‍රී ධම්ම සමාධී බෞද්ධ මධ්‍යස්ථාන භූමියෙහි වීරසිංහ මහතා සහ එම මහත්මිය අතින් පසුගියදා රෝපණය කැරිණි. හඟරාපිටියේ මෛත්‍රී නාහිමි, හිපන්කන්දේ සද්ධාසිරි නාහිමි සහ විහාරගල දේවානන්ද හිමිවරුන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරිණි.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.