Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බටදූව විෂ්ණු දේවාලයේ වාර්ෂික මංගල්‍යය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රණවිරුවන් ඇතුළු ලක්වැසියන්ට සෙත් පතා ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය, මහ පෙරහර හා බෝධි පුජාව දෙසැම්බර් මස 25 , 26 , 27 සහ 28 දිනවලදී පැවැත්වේ.

රටට සාමය, රණවිරුවන්ට චිත්ත ධෛර්්‍යය , ලක්වැසි ජනතාවට සෙත ශාන්තිය , ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන, බටදූව ශ්‍රී විෂ්ණූ මහා දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරද දෙසැම්බර් මස 25 , 26, 27 , 28 දිනයන්හි ප්‍රදේශවාසී දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන්, ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ පූර්ණ අනුග්‍රහයෙන්, පැවැත්වීමට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ප්‍රජා සංවර්ධන පදනම කටයුතු යොදා ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 25 වන දින ප.ව. 1.00 ට අලි ඇතුන් සහිත මහා පෙරහර වීථී සංචාරය කිරීමට නියමිත අතර 26 වන දින රණවිරුවන්ට සෙත් ශාන්තිය හා සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට පින් පැමිණවීම වෙනුවෙන් පවත්වන්නා වු මහා බෝධි පූජාව ද 27 වන දින සවස 6.00 ට ආරම්භ වී රාත්‍රිය පුරා පැවැත්වෙන දේව හාස්කම් සහිත දේව මංගල්‍යය ද 28 වන දින අළුයම අග්නිජාලා තරණය සහ උදෑසන දේව දානය පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.