Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස

පෝදා පින්කම් මාලාවක්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ.

එම පින්කම් මාලාව කිරි ආහාර පූජා, අටපිරිකර පූජා, චීවර පූජා, රන්වැට කප්රුක් පූජා, සීල සමාදාන, බුද්ධ පූජා, බෝධි පූජා සහ සංඝගත දක්‍ෂිණාමය පින්කම් ද ඇතුළත් වේ.

12 වන දා පෙරවරු 3 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීී කිරි ඉතිරවීමද අනතුරුව සුගන්ධ පූජාවද 6.45 සීල සමාදානය මෙහෙයවීම මොරගොල්ලේ සීලරතන හිමියන් විසින් ද 8 දහම් දෙසුම අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් ද 9.15 ධර්ම සාකච්ඡාව පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ද 10.30 බුද්ධ පූජාවද පස්වරු 4 ට දහම් දෙසුමද 6.30 බෝධි පූජාව රාවාඇල පියතිස්ස හිමියන් විසින් පවත් වනු ලැබේ.12, 13, 14 යන දිනවලදී ශ්‍රී ලංකා සත්‍යාලෝක පුණ්‍යාස්ථානයේ අනුග්‍රහයෙන් පින්කම් මාලාවක් අනුරාධපුරදී සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.