UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් රටට ශාන්තියක් සැලසේවා- අගවිනිසුරු සරත් එන්. සිල්වා

තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් රටට ශාන්තියක් සැලසේවායි ප්‍රාර්ථනා කිරීම අප සැමගේ යුතුකමක් යැයි අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා කීය.


පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් සධාතුක කරඬුවද පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වැඩම කරවූ අවස්ථාව.

අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ රටට ජනතාවට හා රණවිරුවන්ට ආශිර්වාද කරමින් ශතාධික මහා සංඝරත්නය විසින් කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ දී පසුගිය දා පැවති පිරිත් දේශනාව ඇරඹීමට පෙර දායක සභාව වෙනුවෙන් එහි සභාපතිවරයා වශයෙන් විශේෂ දෙසුමක් පවත්වමිනි.

මහාවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක මාහිමියන් වහන්සේ හා ඓතිහාසික මහියංගන රාජමහා විහාරාධිපති ගලගම අත්ථදස්සි අනුනාහිමියන් ප්‍රධාන එකසිය පනස් නමකට අධික මහා සංඝරත්නය මෙම පිරිත් දේශනාව සඳහා වැඩම කරන ලදී.

අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙසේද කීය.

රටට යම් විපතක් කරදරයක් පැමිණි හැම අවස්ථාවකදීම අපේ පැරණි රජ දරුවන් පවා මහා සංඝ රත්නය පෙරමුණේ තබාගෙන මෙබඳු පිරිත් දේශනා පවත්වා තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. දසක ගණනාවක් තිස්සේ දික් ගැස්සුණ යුද්ධය අවසාන අදියරට ලගා වී ඇති මේ මොහොතේ මෙම කුරිරු යුද්ධය අවසන්වී රටට සාමය සමඟිය උදාවේවා යි ප්‍රාර්ථනා කලහ.


මවුබිමේ ඒකීය භාවය ආරක්ෂා කිරීම උදෙසා සටන්වැද සිටින රණවිරුවන් ඇතුළු ලක්වැසි සැමට සෙත්පතා මහා සංඝරත්නය සියක් නමක් පමණ කොළඹ 07 සම්බෝධි විහාරයේදී විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වන ලදී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ් ප්‍රධානත්වයෙන් පැවැති එම පරිත්‍රාණ ධර්ම දේශනාව සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කැරිණි. පරිත්‍රාණ ධර්ම දේශනාව ඇරැඹීමට මත්තෙන් සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අරමුණු පැහැදිලි කළ අවස්ථාව.

සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් නාවික හමුදාපතිතුමන් වන වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් නාවික හමුදාව සකසා ඇති මෙම දර්ශනීය පිරිත් මණ්ඩපය තුළ අද පහන් වනතුරුම පිරිත් දේශනාව පවත්වන්නට අප පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ප්‍රධාන සියලුදෙනා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අවස්ථාවට වැඩමකොට වදාල අතිපූජ්‍ය අස්ගිරි පාර්ශවයේ මහා නායක අනු නායක මාහිමියන් වහන්සේලා හා අස්ගිරි මහා විහාර පිරිවනේ් පරිවේනාධිපති නාරම්පනාවේ ආනන්ද නාහිමි ප්‍රධාන එකසිය පනස් නමක් පමණ මහා සංඝරත්නයට මගේ ගෞරවය නමස්කාරය පුද කරනවා යැයි අගවිනිසුරුවරයා පැවසීය.

කොළඹ ශ්‍රී‍්‍ර සම්බෝධි විහාරයේ කඨින පින්කමට සමගාමීව පැවැති මෙම සුවිශේෂ පින්කම සඳහා විජේරාම මාවතේ පොලිස්පතිවරයා ගේ නිල නිවසේ සිට දර්ශනීය පෙරහරකින් මහානාහිමියන් ප්‍රධාන එකසිය පනස් නමක් මහා සංඝ රත්නය සම්බෝධි විහාරයට වැඩම කරවන ලදී. මෙම අවස්ථාවට රාමඤ්ඤ නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහානාහිමි, මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත විමලබුද්ධි තිබ්බටුවාවේ මේධංකර අලුත්ගම ධම්මානන්ද නාහිමිවරුන්ද සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක රාජකීය පණ්ඩිත බෙල්ලන ඥානවිමල උඩුරට අමරපුර නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද රාජකීය පණ්ඩිත අම්බලංගොඩ සුමංගල යන මහා නාහිමිවරුන් ද විද්ද්‍යෝදය පරිවේනාධිපති ශාස්ත්‍රපති බලංගොඩ සෝභිත, බදුලු මුතියංගන රජමහා විහාරාධිපති පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති නා හිමිවරු ආදී සම්භාවනීය මහා සංඝ රත්නය විශාල පිරිසක් වැඩමකර සිටියහ.


සඟරුවන පිරිත් දෙසුමට වැඩම කර වූ අයුරු

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවා මූලික ආගමික වතාවත් සිදුකළ අතර අස්ගිරි අනුනාහිමියන් හා මල්වතු මහා නාහිමියන් වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි වල්ගොව්වාගොඩ විමල බුද්ධිනාහිමියන් විසින් අනුශාසනා පවත්වන ලදී.

අගවිනිසුරු සරත් එන්. සිල්වා, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ආයෝජන මණ්ඩලයේ සභාපති ධම්මික පෙරේරා, නවලෝක ව්‍යාපාරාධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස , වැඩබලන නීතිපති පි‍්‍රයසාද් ඩෙප්, අභියාචනාධිකරණයේ සභාපති ෂත්‍යා හෙට්ටිගේ ප්‍රධාන විනිශ්චකාරවරුන් රැසක් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් හා ටෙලිකොම් සභාපතිනී තුෂා වීරසූරිය, ලාෆ් ගෑස් සමාගමේ සභාපති වේගුපිටිය ගල්කිස්ස මහා හෝටලයේ අධිපති සනත් උක්වත්ත හා තුසිත විජේසිංහ යන මහත්වරු හා බුරුම තානාපතිතුමා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]