UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් පෝදා පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ඉල් පුර පෝදා පැවැත්වෙන වැඩිහිටි පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6- 7 සීල සමාදානය හා අනුශාසනාව යටිරාවණ ධම්මාරාම හිමි, 9 – 10 දහම් දෙසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, 10 –11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා 11 – 11.15 දවල් බුද්ධ පූජාව මෙහෙයවීම නාරද්දේ දමිත හිමි, පස්වරු 12.25 – 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 – 1 පිරිත් හා තෙරුවන්ගුණ ඉඩම් පහළ කුමාර කස්සප හිමි 1 – 2 ධර්ම සාකච්ඡාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 දහම් දෙසුම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 3 – 3.45 දහම් දෙසුම අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමි 4 – 5 දහම් දෙසුම 5 – 6 ධම්ම පදය පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඉල් පෝදා කළුතර බෝධි පරිශ්‍රයේ දී දවස පුරා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 06.30 – 07.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 8 – 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 – 11 දහම් දෙසුම ශාස්ත්‍රපති හෝමාගම ධම්මානන්ද හිමි, පස්වරු 1 – 3 දහම් දෙසුම රිදියගම ඉන්දුලෝක හිමි, 3.15 –5 දහම් දෙසුම කහදූවේ ශාන්තිදේව හිමි, 05.30 – 06.30 දහම් දෙසුම කොටනෙළුවේ ප්‍රඤ්ඤනන්ද හිමි.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 6 වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉල් පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය අනුශාසනාව මහරගම මහින්ද හිමි, 8 – 9 දහම් දෙසුම කුළුගම්මන සුපේෂල හිමි, 9 – 10 රූපවාහිනී දහම් දෙසුම 10 –11 බෞද්ධ කථාව කථිකාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා 11 බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.30 පිරිත් සජ්ඣායනාව 1.30 – 2.30 භාවනා දේශනය ගාමිණි පි‍්‍රයන්ත මහතා 3 – 4 ධම්ම පද විවරණය චන්ද්‍රසෝම ගිනිගේ මහතා සහ විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය 4 – 5 දහම් දෙසුම දොඩම්ගොඩ අස්සජි නා හිමි 5 – 5.30 බුද්ධ වන්දනාව.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී ඉල් පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.25 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මලිදුව විමලවංශ නාහිමි 8 බුදුගුණ වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 භාවනා වැඩ සටහන චන්ද්‍ර රණතුංග මාතාව 10.30 බුද්ධ වන්දනාව ගොඩගම චූලාලංකාර නා හිමි පස්වරු 1.30 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සෝමරතන නා හිමි ඇතුළු සඟරුවන විසිනි. 2 ධර්ම සාකච්ඡාව තලහගම ඤාණරතන නා හිමි 5 දහම් දෙසුම පාතේගම සංපිච්ච හිමි.


යමුනා සදහම් ආරාමය

කොළඹ 06 ශ්‍රී යමුනා සදහම් ආරාමයේ දී ඉල් පෝදා රාත්‍රී 7 – 8 දක්වා දහම් දෙසුම හීනටියන නන්දතිස්ස මහ නා හිමියන් විසින් පවත්වනු ලැබේ.


කිරුළපන

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතියේ දී පැවැත්වෙන සතර පොහෝදා ධර්ම දේශනා මාලාවේ ඉල්පුර පසළොස්වක පොහෝදා සවස 5 – 6 දක්වා දහම් දෙසුම කදුරු පොකුණේ නන්දරතන හිමියන් විසින් පවත්වනු ලැබේ.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී ඉල් පුර පෝදා විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධානකත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද හිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන, 9.15 – 10.15 දහම් දෙසුම රාජකීය පණිඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 10.15 –11 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නා හිමි, පස්වරු 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 – 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.15 – 3 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නා හිමි, 3.15 – 4.15 ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංස හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව දෙණගම සුදම්ම හිමි, 6.00 ට සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ගිලන්පස සම්බුද්ධ පූජාව ගැට්ටුවානේ සුමේධ හිමි, රාත්‍රී ධර්ම දේශනාව තලල්ලේ ධම්මදේව හිමි මෙහෙයවයි.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේදී ඉල්පුර පොහෝදා, විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය, ශාස්ත්‍රපති ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය.

පෙරවරු 05.45 – 06.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 06.30 - 7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 08.30. 9.30 ජාතක කතා විමර්ශනය ඇකිරියේ සමිත් හිමි, 09.45 – 10.45 ධර්ම දේශනාව සමාධිගම විමලජෝති හිමි, 11- 11.30 දවල් ආහාර බුද්ධ පූජාව, බදුල්ලේ සුමංගල හිමි. පස්වරු 1 – 2 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 2 – 3 විශේෂ භාවනා වැඩසටහන, සිරිසේන ලියනාරච්චි මහතා, 3.15 – 04.15 ධම්මපද විමර්ශනය, ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 – 5.30 විශේෂ ධර්ම දේශනාව, ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නා හිමි, සවස 06.30 – 07.30 විශේෂ ආශිර්වාද පූජාව මුරපොල පි‍්‍රයවංශ හිමි, විශේෂ චිත්තාහ්‍යාස පුහුණු භාවනා වැඩසටහන මෙම මස 08 වැනි සෙනසුරාදා උදේ 8 සිට 11 දක්වා පැවැත්වේ. මෙහෙයවීම කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය ඉද්දමල්ගොඩ වජිරඤාණ නාහිමියන් විසිනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී ඉල් පෝදා අලුයම 05.30 ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වන අතර පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ. පෙරවරු 07.30 – 9 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 9 – 11 කොටගොඩ සුධීර හිමියන්ගේ ධර්ම දේශනයක් ද 11 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1.30 මීගොඩ මිලානි ඉන්දිකා උපාසිකාව පවත්වන දේශනයක් ද 2 – 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවක් ද 5 – 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය 6.30 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමි විසින් පවත්වනු ලැබේ.


මාතර බෝධිය

මාතර බෝධිරාජයාණන් වහන්සේ අබියසදී ඉල් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා වන්දනාව මෙහෙයවීම දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 - 9.30 දහම් දෙසුම දෙනියායේ සිරිනන්ද හිමි, 9.30 - 10.30 භාවනා වැඩසටහන මෙහෙයවීම දේවාලේගම සුමනරතන හිමි , 10.45 - 11.30 බුද්ධ පූජාව සෙවනගල අමිත හිමි, පස්වරු 1 - 2 බුදුගුණ වන්දනාව , 2 - 3.30 දහම් දෙසුම යටිගල සෝමතිලක හිමි, 3.45 - 5 ධර්ම සාකච්ඡාව- මෙහෙයවීම ඇහැලපේ යතිරතන හිමි, හත්තොටුවේ ඉන්දරතන හිමි, 5 - 6 සිල්පවාරණය දෙනගම පඤ්ඤාලෝක හිමි.


ගල්කිස්ස

ගල්කිස්ස ටෙම්පලර් පාර ශ්‍රී සුගත ධර්මායතනයේදී ඉල්පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.30 සීල සමාදානය හා අනුශාසනාව මොරකැටිආරේ සුමනනන්ද හිමි, 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 9.30 දහම් දෙසුම පැලවත්තේ ධම්මානන්ද හිමි 10.30 බුදුසරණ පුවත්පත පිරිනැමීම 11 බුද්ධ පූජාව පස්වරු 1.45 දහම් දෙසුම පිළියන්දල සංඛපාලි සිල්මාතාව ,3 දහම් දෙසුම තිස්සමහාරාමයේ චන්දසිරි හිමි, 4 විශේෂ දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් වලේබොඩ මහතා, 7 දහම් දෙසුම රන්නේ් සීලවිමල හිමි.


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී ඉල් පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය.

එදින පෙරවරු 06.30 – 7.30 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව, කළුතර සරද හිමි, 8.15 – 9.15 ධර්ම දේශනය, මෙදේරිපිටියේ තපස්සී නාහිමි, 9.30 –11 භාවනාව නිලන්ත බමුණුආරච්චි මහතා, 11 – 1 බුද්ධ වන්දනාව, පස්වරු 1 – 2 පිරිත් ධර්මය දේශනා කිරීම, 2 – 3 ධර්ම දේශනය කොළොන්නේ විමලසාර හිමි, 3.15 – 4.15 ධර්ම දේශනය තිහගොඩ භද්දිය නා හිමි, 4.15 – 5.15 ධර්මදේශනය දිගංදල සුමනසාර හිමි, 5.15 – 6.15 බෝධි පූජාව හා සිල් පවාරණය.


රත්නපුර

රත්නපුර සමන් පෙදෙස ශ්‍රී ශෛලලෙන් විහාරස්ථානයේ කඨින පින්කම මෙම 10 වන දා සිදු කැරුණු අතර පෙරවරුවේ බෝධිගරය හා අටවිසි පිළිම විවෘත කිරීම, දහවල සඟසතු මහා දානයද පැවැත්විණි. 11, 12, 13 රාත්‍රී අටවිසි බෝධිපූජාවන් පැවැත්වේ.


විදර්ශනා භාවනා හා දේශනා මිනුවන්ගොඩ දී

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මෙම ඉල් පුර පොහෝ දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

එදින පෙරවරු 8 – 10 රාගම, මත්තුමගල පුරාණ තපෝවනාරාමයේ දී වැලිසර සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද 10 – 11.30 රාගම මත්තුමගල පරාක්‍රමපාර ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානයේ දී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 2.30 – 4.30 දෙවලපොල, මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රවංශාරාමයේ දී වන්දාරම් නුවර සුමනවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 4.30 – 6 දෙවලපොල ගල්ලෙගෙදර ශ්‍රී ශාක්‍යාසිංහාරාමයේ දී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද එම වැඩසටහන පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී ඉල් පෝදා පැවැත්වෙන පින්කම මෙසේ ය.

එදින පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 8.15 භාවනා වැඩසටහන බුද්ධයාගම ධම්මසේන හිමි, 9.15 ධර්ම දේශනය හුණුපලගම බුද්ධරක්ඛිත හිමි, 10.30 බුද්ධ පූජාව, පස්වරු 1 භාවනා වැඩසටහන පූජ්‍ය කනම්පැල්ලේ ඤාණදස්සි හිමි, 2.15 ධර්ම දේශනය පූජ්‍ය දළුපිටියේ නාරද ස්වාමීන් වහන්සේ, 4.15 ධර්ම දේශනය බෙංගමුවේ නාලක හිමි, 5.15 ධර්ම දේශනය කැලණියේ අමිතසිරි හිමි, 6.00 බුද්ධ පූජාව.


භාවනා වැඩසටහනක්

සෑම මාසයකම අවසන් සතියේ සෙනසුරාදා දිනවල උදේ 8.30 සිට 4.30 දක්වාත්, සෑම පසලොස්වක පෝය දිනකම උදේ 8.30 සිට 11.00 දක්වාත්, සෑම අමාවක පෝය දිනකම ඊට පසුදින උදේ 8.30 සිට සවස 4.30 දක්වා භාවනා ප්‍රධාන ආගමික වැඩසටහන් මාලාවක් මහනුවර ධර්මසිරි හිමියන් විසින් කටුගස්තොට ශ්‍රී සටිකාආරාම පුණ්‍යායතනයේ දී පවත්වනු ඇත.

පුණ්‍යායතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය නුගවෙල පඤ්ඤාජෝති නාහිමියන්ගේ් අනුශාසනා පරිදි එම වැඩසටහන පැවැත්වේ.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]