UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

නිකවැරටිය, හුළුගල්ල, තෙංගඩගම පදිංචි ඩී.සෝමරත්න රණවිරුවා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 625/11311 සැරයන් පනාගොඩ කඳවුරේ 1 වන ශ්‍රී.පා. හ. සේවය කරන අතර, දරුණු වකුගඩු ආබාධයකින් දැනට නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කියයි. එම රණවිරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගය ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම ලේ වර්ගය ඇති අයකුගේ වකුගඩුවක් පිරිනැමීමට කැමති අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 060 - 2982821, 071 - 2386610, 037 - 5687229, 037 - 5764213 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස මෙම රණවිරුවා ඉල්ලීමක් කරයි.


ගොතටුව නව නගරයේ නො.05 සමදරා වත්තේ පදිංචි 64 වියැති සෝමා තේණුවර මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇය සුවපත් කරවීම සඳහා ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත් නම් 011 - 2875695 දුරකතන අංකයට අමතන ලෙස එම රෝගියාගේ දියණිය ඉල්ලීමක් කරයි.


වත්තල, හුණුපිටියේ පදිංචි බී.ඩබ්.ප්‍රේමතිලක මහතා දැනට තදබල ලෙස වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඔහුට ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහු ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසති. පරිත්‍යාගශීලි ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහි පින්වතෙකු වකුගඩුවක් පරිත්‍යාග කරන මෙන් ඉල්ලීමක් කරයි. 0723254145, 0602199675, 0774039825 යන දුරකතන වෙතින් විස්තර දැනගත හැකිය.


ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවේ උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත වලදී විශිෂ්ඨ මෙහෙවරක් කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සහ වැඩ බලන ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ආර්.පී.ලියනගේ මහතා දරුණු වකුගඩු රෝගයකට භාජනයවී ඇත. ඒ මහතාට බද්ධ කිරීම සඳහා රුධිර ‘ඒ’ නෙගටිව් හෝ ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බවත් වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් පහත ලිපිනයට හෝ දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ. සුනිල් ලියනගේ මහතා, 27 ඒ, සුජාතා මාවත, කළුබෝවිල. දුරකථනය - 0773 350831


පී.එම්.හේරත් නමැති 12 වියැති ළදරුවා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම ළදරුවා ජීවත් කරවීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 0777 - 949729 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම දරුවාගේ මවුපිය දෙපළ ඉල්ලීමක් කරයි.


මාතර, තෙලිජ්ජවිල, කිරිමැටිමුල්ල, හිල්සයිඩ් මාවතේ අංක 62/53ඒ ලිපිනයේ පදිංචි අවුරුදු 27ක් වයසැති මංජුල ප්‍රදීප් වික්‍රමරත්න ගුණසේකර තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පසුවන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය බව කියයි.

දැනට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන මොහුට සිදු කළ යුතු සැත්කමට සහ ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන හෙයින් එම මුදල සොයාගැනීම පවුලේ අයට අසීරු කටයුත්තක් වී ඇතැයිද කියයි.

එබැවින් දරුවාගේ දෙමාපියන් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතන අතර පරිත්‍යාග කේ.ඩබ්ලිව්.ගුණසේකර යන මොහුගේ පියාගේ නමින් ලංකා බැංකුවේ මාතර ශාඛාවේ 7269046 යන ගිණුමට යොමු කරන ලෙස ඉල්ලීමක් කැරේ.


මහනුවර , නිත්තවෙල, ජාතික නිවාස අංක 41/7 හි පදිංචි 49 වියැති ඒ.බී. කුසුමලතා මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති අයෙකුගේ් වකුගඩුවක් පිරිනැමීමට කැමති අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 081 - 4936216 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ ස්වාමි පුරුෂයා වන පී.ජී. ගුණරත්න මහතා ඉල්ලා සිටී.


කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇති බැවින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් කේ. වී.ඒ. රංජනී, 60 බී, රම්මුතුගල කිරිල්ලවල දකුණ, කඩවත යන ලිපිනයට හෝ 0112- 973872 හෝ 071 4446075 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. එම සැත්කම සඳහා ලංකා බැංකුව රිජන්වීදිය ශාඛාවේ ගිණුම් අංක 1842051 වෙත පරිත්‍යාගශීලීන්ගේ් ආධාර ලබා දිය හැකි බවද කියයි.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]