UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු පුවත් කෙටියෙන්

 

නැලිගම වාර්ෂික පින්කම පෝදා

මහර නැලිගම රාගම, සුහද අන්‍යොන්‍යාධාර හා අවමංගල්‍යාධාර සුබ සාධක සමිතියට අවුරුදු 25 ක් පිරීම නිමිත්තෙන් මෙම ඉල් පෝදා නැලිගම ශෛලාසන්නාරාම විහාරාධිපති මාකූරේ පියනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම සහ එදින පෙහෙවස් සමාදන් වී සිටින උපාසක උපාසිකා සහ දහම්පාසල් දරු දැරියන් වෙත දානය පිළිගැන්වීමද මියගිය සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැන්වඩා පින් පැමිණවීම ද එදින සවස 7 ට අටවිසි බෝධි පූජාව ද සිදු කැරේ.


වෙරළුගහමුල මෙත්මුණි සෑයේ ධාතු නිධානය 28 දා

වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ විහාරාධිපති, අධ්‍යාපනපති අම්මුඩුවේ විමල හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව හා ප්‍රදේශවාසීන් එක්ව ඉදිකරවා ඇත.

මෙම 28 වනදා උදෑසන 6.30 ට පමණ මෙත්මුණි මහාසෑය නම් වූ එම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය පැවැත්වේ.

මෙත්මුණිසෑයේ ධාතු නිධානෝත්සවයට සමගාමීව තුන්තිස් පෑ පිරිතක් ද, දොරකඩ අස්න, ත්‍රිවිධ හමුදාවට හා සියලු ලක්වාසීන්ට සෙත්පතා විශේෂ බෝධිපූජා පින්කමක්ද එදිනට සිදු කිරීමට නියමිතව ඇත.


නෙත් තැබීමේ පින්කමක්

හොරණ මොරොන්තුඩුව මාර්ගයේ ලබුගම පාසල් මාවතේ කන්දේ දේවාලයේ තැන්පත්කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නෙත් තැබීමේ පින්කම ඉල් පෝදා පෙරවරුවේ සිදු කැරේ. එදින පෙරවරු 9 ට ඕපනායක ධම්ම විසුද්ධි හිමියන්ගේ දහම් දෙසුමක් ද කිරි ආහාර බුද්ධ පූජාව, සංඝගත දක්‍ෂිණාවක් සහ අභයදාන පින්කමක් සහ රණවිරුවන්ට සෙත් පැතීමේ පින්කමක් ද සිදු කැරෙන අතර කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු ආරාධිත අමුත්තන් ද සහභාගී වීමට නියමිත ය.


තිස්සපුර පින්කම්

හම්බන්තොට අඩි 100 පාර තිස්සපුර සිංහගිරි විහාරය අරඹා වසරක් පිරීම නිමිත්තෙන් ඉල්පුර පෝදා දවසපුරා සිංහගිරි විහාරයේ දී පින්කම් මාලාවක් විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

දානමය පින්කමක් නව පුස්තකාලයට මුල්ගල් තැබීම, ප්‍රදේශයේ දූ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය, විශේෂ ධර්ම දේශනාවක් හා මයුරපුර යුධ හමුදා කඳවුරේ රණවිරුවන්ගේ මූලිකත්වයෙන් සවස විශේෂ බෝධි පූජාවක් ද පැවැත්වේ.


මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ සියවස් පූර්ණ සමරු උත්සවය

සීමාසහිත මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ සිවයස් සමරුව මෙම 16 වන දා පස්වරු 2.30 ට පැවැත්වේ. 16 වන දින පැවැත්වෙන ප්‍රධාන සමරු උත්සවයේ ප්‍රධානත්වය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ විසින් උසුලනු ලැබේ.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]