Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඉල් මහා පෙරහර 13 දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර නොවැම්බර් මස 13 දින රාත්‍රී පැවැත්වේ. උඩරට, පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් ද අලි ඇතුන්ගෙන් ද යුතුව පෞරාණික චාරිත්‍ර පුදසිරිත් වලට මුල්තැනක් දෙමින් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සංවිධානය කර ඇත.

පෙරහර ගමන් කරන වීදි ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකවත් කර බෞද්ධ කොඩිවලින් සරසා වීදි සුදු වැලි අතුරා ඇත. නොවැම්බර් මස 12, 13, 14 යන පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කටයුතු සංවිධානය කර ඇත.

බැතිමතුන්ට ආරක්‍ෂාව සැලසීම සඳහා කතරගම පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කටයුතු සැලසුම් කර ඇත. තේවානි අම්මන් දේවාලයේ බත් දන්සැලක් ද පෙරහර සමයේ පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.