Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ දී නොවැම්බර් 1 වන දා ඇරැඹුණු පින්කම් මාලාව 2009 ජනවාරි 9 වන දා දක්වා කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ඒ අනුව නොවැම්බර් 1 වන දා සිට 2009 ජනවාරි 2 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. 2009 ජනවාරි 3 වන දා සිට 6 වන දා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද ජනවාරි 7 වන දා රාත්‍රී 8.30 උඩමළුවේ පෙරහරද ජනවාරි 8 වන දා රාත්‍රී 8.30 දෙවන වීථි පෙරහර ද ජනවාරි 9 වන දා රාත්‍රී 9 ට මහ පෙරහර ද පැවැත්වේ.

මෙම ඉල් පෝදා සවස 3 – 4 දහම් දෙසුම ශාස්ත්‍රපති දැදිගම තිලකවංස හිමි රාත්‍රී 7 – 8 දහම් දෙසුම ශාස්ත්‍රපති පිටිගල විජිත හිමි, 13 වන දා ශාස්ත්‍රපති වැනිගල කස්සප හිමි, 14 වන දා ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 15 වන දා බොරැල්ලේ අතුල නා හිමි 16 වන දා දිවියාගහ යසස්සි නා හිමි, 17 වන දා කොටුවිල විමලකිත්ති නා හිමි 18 වන දා දරණාගම කුසලධම්ම යන හිමිවරු එම දම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.