Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පෝදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය නොවැම්බර් මස දොළොස්වෙනි දිනට යෙදෙන ඉල්පුර පසළොස්වක පෝයදින සවස පැවැත්වේ.

කාර්තික මංගල්‍ය පෙරහර එදින සවස ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත් ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කර සවස ගෙවදී.

කාර්තික මංගල්‍ය නිමිත්තෙන් සියලු විහාර දේවාල, නිවෙස්වල දල්වනු ලබන පහන් නිමිත්තෙන් තෙල් බෙදාදීම ඉල් පෝයදිනට පෙරදින සවස මහනුවර ශ්‍රී නාථ දේවාල භූමියේ දී සිදුකෙරේ. දැල්වීමට අවශ්‍ය වන පොල්තෙල් ශ්‍රී දළදා මාළිගාවෙන් සැපයේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා වසරේ පවත්වනු ලබන සතර මංගල්‍යයේ වසර අවසානයේ පවත්වන එක් මංගල්‍යයක් වන්නේ කාර්තික මංගල්‍ය යයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.