Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමි පිළිවෙතින් තුනුරුවන් පුදන  වන්දනා ක්‍රමයක්

පංච ශීලය සහිතව තෙරුවනට පූජාවක් පැවැත්වීමෙන් බෞද්ධ සැදැහැවතකුට මහානිශංස උදාකර ගැනීමට පුළුවන. මෙය ඉතා පහසුව කළ හැකි දෙයකි. විහාරස්ථානයකට යෑමට අපහසු කෙනෙකුට තම නිවසේ සිට මෙම පූජාව සාර්ථකව කළ හැකි ය.

නමස්කාරය - මෙය ආරම්භ කරන්නේ් පළමුව සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙනි. පැරැණි සිරිතට අනුව ගිහි පැවිදි උතුමන්ට සහ පූජනීය වස්තුවලට වැඳීම සිදුකෙරේ. නමස්කාරය යනුවෙන් අදහස් කරන්නේ මේ වැඳීම යි. මේ වැඳීමේ ක්‍රම තුනක් ඇත. එනම්

1. උක්කුටිකයෙන් වැඳීම - දෙපතුල බිම පිහිටන සේ වාඩි වී නමස්කාර කිරීම

2. පසඟ පිහිටුවා වැඳීම - දෙදණ, දෙවැලමිට සහ නළල යන පස්තැන බිම තබා වැඳීම

3. දණ්ඩ නමස්කාරය - මුළු සිරුරම බිම දිගාවන ආකාරයට මුනින්තලා වී වැඳීම

මෙයින් වඩා සුදුසු වන්නේ පස¼ග පිහිටුවා වැඳීම යි.

මේ කුමන ආකාරයකට වැන්දත් අත් ඇඟිලි නෙළුම් මල් පොහොට්ටුවක් සේ එකට එකතු කරගෙන වැඳිය යුතු ය. මෙම නමස්කාරය සිත, කය, වචනය යන තිදොරින් කෙරෙන හා කළයුතුª ක්‍රියාවකි. සිතේ උපදවාගත් ගෞරවයෙන්ම බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ යුතුªය. මෙහිදී ගාථාවකින් මෙසේ ප්‍රකාශ කිරීම අවශ්‍ය ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! යනුවෙන් එසේ තෙවරක් ප්‍රකාශ කළ යුතු ය.

සරණාගමනය - සරණාගමනය යනු විශ්වාසය පිහිටුවා ගැනීම යි.

නමස්කාරයෙන් පසුව කළ යුත්තේ සරණා ගමනය යි. මෙය තෙරුවන් සරණ යෑම යනුවෙන් ද කියැවෙයි. සරණාගමනය අපට නිතර කියවා පළපුරුදු දෙයකි. එහෙත් කෙනකු සරණාගමනය යා යුතු වන්නේ පහත සඳහන් අරමුණු මෙනෙහි කර ගෙන ය.

“ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමි. සෝවාන් ආදී මාර්ගවලට පැමිණෙමි. ඒ ආර්ය මාර්ගයට පැමිණි ආර්යයන් වහන්සේ හා සමාන තත්ත්වයට ඇතුළු වෙමි’ යනුවෙනි.

මෙම ප්‍රාර්ථනා සහිතව ඒ උතුම් රත්නත්‍රය මෙසේ සරණ යා යුතු ය.

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

මට බුදුරජාණන්වහන්සේ ගේ් සරණ හැර අන්සරණක් නැත. ඒ නිසා මම ඒ බුදුරජාණන්වහන්සේ සරණ යමි.

මට බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද දහම් සරණ හැර වෙනත් සරණක් නැත. ඒ නිසා ඒ උතුම් වූ බුදුරජාණන්වහන්සේ දේශනා කළ දහම් සරණ යමි.

මට ඒ විනය ගරුක වූ සංඝයා වහන්සේගේ සරණ හැර වෙනත් සරණක් නැත. ඒ නිසා ඒ උතුම් වූ සංඝ රත්නය මම සරණ යමි.

මෙසේ පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යා යුතු ය.

බුදු දහමේ පරමාර්ථය මිනිසුන් යහමඟට ගෙන නිවන කරා යොමු කිරීම ය. නිවනට පමුණුවා ලීම ය. එයට මුල් වන්නේ ප්‍රතිපත්තිය යි. සරණා ගමනයෙන් කෙනෙකුට බුදු සසුනට ඇතුළත් විය හැකි ය. එහෙත් බෞද්ධයකු විය හැකි වන්නේ් බෞද්ධ ප්‍රතිපත්ති පිළිගැනීමෙනි. ඒ පිළිවෙත් නො පුරා තෙරුවන් ඇදහීමෙන් පමණක් කෙනෙකුට නිවනට පැමිණීමට නොහැකි ය. තෙරුවන් යන සෑම කෙනකුම දෙවනුව වැරැදි පහකින් මෙන්ම සිටීමට පොරොන්දු විය යුතු ය. ඒ පොරොන්දු නම් පන්සිල් ය.

ශික්ෂා පද - පංචශීලයට (පන්සිල් වලට) අයත්වන ශික්ෂා පද පහකි. තෙරුවන් ගිය කෙනෙකු ඊළ¼ගට කළ යුත්තේ පංචශීලය සමාදන් වීමය. ඒවා මෙසේ ය.

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

සමාදන්වීම - සික්ඛා පද අනුව ඒ වැරැදි වලින් වැළකී සිටීමට පොරොන්දු වීම සමාදන්වීම නම් වෙයි.

මෙසේ නීති දක්වා ඇතත් ඒවායින් වැළකී සිටිය යුතු වන්නේ ඒවා වැරැදි බව තමා විසින්ම අවබෝධ කර ගැනීමෙන් ය.

මෙම නීති කඩ කරන අයට දෙන දඬුවමක් බුදු සසුනේ් නැත. එම වැරැදි සිදු කිරීමෙන් මෙළොව දී මෙන් ම පරලොව දී ද විපාක ලැබෙන බව, බුදුදහමේ උගන්වයි.

පළමු සික්ඛා පදයෙන් දක්වන පණ නැසීම යන්නෙන් තමාගේ් පණ නැසීමත්, අනුන්ගේ පණ නැසීමත් යන දෙකම අදහස් කෙරෙයි.

දෙවන සික්ඛාපදය අනුව දක්වන්නේ සොරකමයි. තමාට නුදුන් හෝ තමාට අයත් නොවන දෙයක් අවසර නැතිව ගැනීම, සොරකම යි.

තෙවන සික්ඛා පදය අනුව යමෙක් අනිසි ලෙස පස් ඉඳුරන් පිනවීම වරදකි. එයින් වැළකී සිටීම මෙයින් අදහස් කෙරේ.

බොරු කීමෙන් වැළකීම සිවුවන සික්ඛා පදයයි. බොරු කිමෙන් සිදුකරන්නේ අනුන් රැවටීමකි. එය වරදකි.

පස්වන සික්ඛා පදයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට පොරොන්දු වීම සිදු වෙයි.

පන්සිල් වලින් දක්වා තිබෙන මෙම සික්ඛා පද පහ පිළිබඳ අවබෝධයකින් යුතුව ඒවා කිව යුතු ය. එසේ පොරොන්දු වූ කරුණු එලෙසම ඉටුකිරීමත් ඒ අනුව හැසිරීමත් බෞද්ධයකුගේ් නියම ප්‍රතිපත්තිය යි.

බුද්ධ වන්දනාව

තිසරණ සහිතව පංචශීලය සමාදන් වීමෙන් පසුව කළ යුතු වන්නේ නව අරහාදී බුදුගුණ මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම යි. ඒ මෙසේ ය

‘ඉතිපිසො භගවා අරහං සම්මා සම්ද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ පුරිස දම්ම සාරථි, සත්ථා දේව මනුස්සනාං , බුද්ධො භගවාති

අරහං - ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙළෙසුන් නැසූ හෙයින් ද රහසින් වත් පව් නොකරන හෙයන්ද, පූජාවට සුදුසු වූ බැවින් අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ - ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින්ම සියලු ධර්ම මනාව අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ වන සේක.

විජ්ජාචරණ සම්පන්න - ඒ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ්‍යා, අෂ්ට විද්‍යා සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක

සුගත - ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගමන් ඇති හෙයින් ද, උතුම් වූු නිවනට පැමිණි හෙයින්ද, මිහිරි පි‍්‍රය වචන ඇති හෙයින් ද සුගත නම් වන සේක.

ලෝකවිදූ - ඒ භාග්‍යවතුන් වහන්සේ කාම, රූප, අරූප යන තුන් ලොවම මනා සේ දැන වදාළ හෙයින් ද ලෝකවිදූ නම් වන සේක

අනුන්තර පුරිසදම්ම සාරථි - ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කිරීමට අපහසු, නොදැමුණු පුද්ගලයන් දමනය කළ හෙයින් පුරිසධම්ම සාරථි නම් වන සේක

සත්ථා දේව මනුස්සානං - ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව සැප හා නිවන යන ත්‍රිවර්ඝ සම්පත් ලබාදෙනු පිණිස දෙවියන්ට හා මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා නම් වන සේක.

බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ තම නුවණින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අන්‍යයන්ට ද අවබෝධ කරවූ හෙයින්, බුද්ධ නම් වන සේක.

භගවා - ඒ භාග්‍යවතුන් වහන්සේ ට සියලු ලෝ වැසියන් විසින් ගරුකළ යුතු හෙයින් ද, භාග්‍ය සම්පන්න වූ හෙයින්ද භගවා නම් වන සේක

යන ආකාරයට ඉතිපිසො භගවා යනුවෙන් සඳහන් වන නව අරහාදී බුදුගුණ මෙනෙහි කරගෙන, එහි අරුත දැනගෙන, බුදුරජාණන්වහන්සේට නමස්කාර කළ යුතුªය. මේ බුද්ධ වන්දනාව යි.

දහම් වැඳීම

ස්වක්ඛාතො, භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං, වෙදිතබ්බො විඤ්ඤුහී ති

භාග්‍යවතුන් වහන්සේ විසින් නව ලොවුතුරා දහම මනා කොට, වදාරණ ලද්දේය.

ඒ පර්යාප්තියත් සහිත නව ලොවුතුරු දහම ‘ස්වක්ඛාත’ වන සේක.

ඒ ධර්මය ඇස් ඉදිරියේ මෙහිදීම දැකිය හැක්කා වූ ගුණ වෙසෙසින් යුක්තය.

එබැවින් මේ ධර්මය ‘සන්දිට්ඨික’ නම් වන්නේ්ය.

ඒ සතර මාර්ග ඥානයන්ට අනතුරුව ඵල උපදවන හෙයින් මේ ධර්මය අකාලික නම් වන්නේ ය.

ඒ සද්ධර්මය විද්‍යාමාන හෙයිනුත්, එව බලවයි කීමට යෝග්‍ය වූ හෙයිනුත් මේ ධර්මය ‘එහි පස්සික’ වන්නේ ය.

ඒ සද්ධර්මය තම තමන්ගේ් සිත් සතන්හි වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘සමීපයට පමුණුවන හෙයින් ‘ඕපනයික නම් වන සේක

නුවණැති සත්පුරුෂයන් විසින් ප්‍රත්‍යක්ෂ කොට දත යුතු හෙයින් මේ ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි’ නම් වන්නේ ය.

මෙසේ වැඳිය යුතු දහම් ගුණ හය අවබෝධ කර ගෙන දහම් වන්දනාව සිදු කළ යුතු ය.

සංඝ රත්නයට වැඳීම

සුපටිපන්නො භගවතො සාවක සංඝො, උජුපටිපන්නො භගවතො සාවක සංඝො, ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිස පුග්ගලා එසභගවතො සාවක සංඝො, ආහුණෙය්‍යො, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්‍යෙ, අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤංඛෙත්තං ලොකස්සාති

භාග්‍යවතුන් වහන්සේ ගේ් ශ්‍රාවක සංඝයා වහන්සේ ශාසන ප්‍රතිපත්තියෙහි මනා පිළිවෙත් ඇති හෙයින් සුපටිපන්න නම් වන සේක. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ලාබ කීර්ති සත්කාර අපේක්ෂාවෙන් තොරව කායාදී චාරිත්‍රයෙන් ඇද නැති සෘජු පිළිවෙත් ඇති හෙයින්, උජුපටිපන්න නම් වන සේක.

තවද ඒ භාග්‍යවතුන් වහන්සේගේ් ශ්‍රාවක සංඝයා වහන්සේ භාවාශා කාය ජීවිතාශා නැතිව අද අදම මගඵල ලබාගනිමි යි නිවන සඳහාම පුරන පිළිවෙත් ඇති හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ් සංඝයා වහන්සේ ලෝකයාගේ් ගෞරවයට යෝග්‍ය අන්දමේ අනුරූප පිළිවෙතට පිළිපන් හෙයින් ‘සාමීචිපටිපන්න’ නම් වන සේක. මගඵල වශයෙන් පුරුෂ යුගල හතරක් සහ පුරුෂ පුද්ගලයන් අටදෙනකු වූ ඒ මේ භාග්‍යවතුන් වහන්සේගේ් ශ්‍රාවක සංඝයා වහන්සේ, දුර සිට පසය ගෙනැවිත් පිදීමට සුදුසු වූ බැවින්, ආහුණෙය්‍ය නම් වන සේක.

දුර සිට පැමිණෙන නෑ මිතුරන් සඳහා පිළියෙළ කරන ලද ආගන්තුක ආහාරයක් වුවද ඒ අයට නොදි දානයක් වශයෙන් සංඝයා වහන්සේට පිදීම සුදුසු වන බැවින්, පාහුණෙය්‍ය නම් වන සේක.

පරලොව අදහා දිය යුතු දක්ෂිණාවට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය නම් වන සේක.

දොහොත් මුදුන් තබා ඇඳීළි බැඳ වැඳීමට සුදුදුවන බැවින් අඤජලීකරණීය නම් වන සේක.

සියලු ලෝ වැසියන්ගේ් කුසල් නමැති ධාන්‍ය වැපිරීමට සාරවත් කෙතක් වැනි හෙයින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වන සේක.

ඉහත සඳහන් ආකාරයට සඳහන් වන ස¼ඟ ගුණ අවබෝධ කරගෙන වන්දනා කිරීම සංඝයා වැඳී ම යි.

මෙයින් පසුව මල් පහන් සුවඳ ද්‍රව්‍ය පූජා කරන ගාථා සජ්ඣායනා කළ මොහොතක් තමන්ට පුරුදු භාවනාවක් වැඩීම කළ යුතු ය. අවසාන වශයෙන්

ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි යනුවෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් අරහං ආදී නව මහා ගුණයකින් යුක්ත වූ බුද්ධ රත්නය පුදමි.

මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ස්වක්ඛාත ආදී සය මහා ගුණයකින් යුක්ත වු ධර්මරත්නය පුදමි.

මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් සුපටිපන්නාදි නව මහා ගුණයකින් යුක්ත මහා සංඝ රත්නය පුදමි’ යි මෙනෙහිකළ යුතුය.

එයින් පසුව ‘එත්තාවතාච අම්හෙහි’ යන පුණ්‍යානුමෝදා ගාථාව කියා පින් අනුමෝදන් කොට ‘ඉදං වො ඥාතිනං හොතු යනාදි වශයෙන් මළගිය ඥාතීන්ට පින්දීමෙන් තුනුරුවන් කෙරෙහි පූජාව නිම කිරීම සුදුසුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.