Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ රාජකීය විදුහල වසරක් පාසා පවත්වනු ලබන සීල සමාදාන පින්කම මෙවර ද පසුගිය 13 වන දින ඉතා සාර්ථක ලෙස විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට හැකි වූ බව එහි විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසීය. ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් සිසුන් පන්දහසක පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණු සීල සමාදානයේ දී බෞද්ධ නොවන සිසුන් උදෙසාද බ්‍රාහ්මණවත්තේ සීවලී නාහිමියන් විසින් දම් දෙසුමක් දෙමළ බසින් පවත්වන ලදී. එම වැඩ සටහන රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය භාර ආචාර්ය වයි.එම්. ජයසූරිය මහතා ප්‍රමුඛ සාමාජිකයින් විසින් සංවිධානය කර තිබූ අතර, මිතිරිගල සෝරත, කලුගහකඳුරේ වජිර, කරඳන කළණධම්ම, පනහඩුවේ යසස්සී,කැදෑවේ සමිත,තුම්බෝවිල ධම්මරතන යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි තලගල අනෝම, ජුලම්පිටියේ පඤ්ඤාලෝක යන හිමිවරු එහිදී අනුශාසනා පැවැත්වූහ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.