Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිහෙලතැන්නේ කල්‍යාණසිරි හිමියෝ

නායක පදවි ලබති

හතුඩුව සිටි ඔෆ් ලයිෆ් සමථ විපස්සනා භාවනාශ්‍රමාධිපති වැලිහෙලතැන්නේ කළ්‍යාණසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායානු බද්ධ සිරි සද්ධම්ම යුක්තික මාතර පාර්ශ්වයේ මහානායක ශ්‍රී පඤානන්ද ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත රැකව ගුණසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව විසින් සිරි පියතිලක වංශාවතන්ස සද්ධර්මකීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්යය ශිරෝමණී යන ගෞරවනාම සහිත කොලඹ දිසාවේ අධිකරණ සංඝනායක ධුරයට පත් කරනු ලැබ ඇත. උන්වහන්සේ විචිත්‍ර ධර්මකථිකයාණන් වහන්සේ නමක් මෙන්ම දෙස් විදෙස් සැදැහැවතුන් ගොඩ නගමින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සිව් නමක් ද බිහි කොට ඇත.

වැලිහෙලතැන්නේ කළ්‍යාණසිරි ස්වාමින් වහන්සේ උතුරු කළුතර අශෝකාරාම විහාරඝනයෙහි අධිපති කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක පරකඩුවේ සරණංකර හිමිපාණන් හේනේගම අමරංගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ දම්සක් විහාරාධිපති කොළඹ නව කෝරලේ සහ නව තොටමුනේ ප්‍රධාන සංඝනායක අළුබෝවිල ධම්මරතන හිමිපාණන් අපවත් වී වදාල කිරිල්ලවල පියතිස්ස හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍ය නමක් වන අතර අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා දොඩන්දුව මොරකොල ගංගාරාමයේ දී සිදු කරනු ලැබූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.