Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කෑගල්ලේ පදිංචි එස්. ජී.යූ.එස් පෙරේරා මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බැව් ඔහුට ප්‍රතිකාර කරන මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම රෝගී තත්ත්වයෙන් රෝගියා මුදවා ගැනීමට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බැවින් මේ සඳහා ස්වාමීන් වහන්සේ නමක් හෝ දසසිල් මාතාවක්, ගිහි පින්වතෙකු වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් කැරේ.

0775557866, 0779777149 මෙම දුරකථන අංක මගින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


එල්.ඩී. ටී.ඩී ධර්මවර්ධන මහතා දරුණු වකුගඩු රෝගියෙන් පෙළෙන අතර ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. ඕ පොසිටිව් ලේ වර්ගය ඇති අයකුගේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් දුරකතන අංක 0714883960 හෝ 011 2292745 වෙතින් අජන්ත ඩයස් මහතාගෙන් විමසීමක් කරන්නැයි ඉල්ලීමක් කැරේ.

එච්. ඒ. ඉන්ද්‍රාණි අතුකෝරළ මෙනවිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ප්‍රතිකාර සඳහා ලක්‍ෂ 4 ක පමණ මුදලක් වැයවන බව කියයි. පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා වේයන්ගොඩ මහජන බැංකුවේ අංක 079 – 2 –001 – 8 – 4348692 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


කොළඹ (5) මෝදර වීදියේ අංක 149/10 පදිංචි එන්.එස්. දිනේෂ් නැමැති 27 වියැති අවිවාහක තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මොහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 072-3883190, 2520493 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස රෝගියාගේ පියා ඉල්ලීමක් කරයි.


බුලත්සිංහල, අතුර, ඤාණාලෝක පිරිවෙන අසල පදිංචි, කේ.කේ. අනිල් නිශාන්ත නමැති 22 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

මෙම තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 077 – 7445845 දුරකථන අංකයව දැනුම් දෙන ලෙස රෝගියාගේ මව වන බී.ඒ. ඉන්ද්‍රානි මිය ඉල්ලා සිටී.


එච්. ජයන්ත වීරවංශ, නො. 330 බී, නුගදන්ඩ කලටුවාව යන ලිපිනයේ පදිංචි ඔහුගේ එකම දරුවා වන එච්. සඳුන් වීරවංශ දරුවා කුඩා කළපටන් වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ප්‍රතිකාර ලබා දෙන පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ එම දරුවාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු හෝ ස්වාමීන් වහන්සේ නමක් වේ නම් 034 – 4904323 අංකයට දන්වන්නැයිද තවද එම සැත්කමට පෙරත් සැත්කමෙන් පසුත් ඖෂධ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන අතර ඉංගිරිය මහජන බැංකුවේ ගිනුම් අංකයට (207101677) උපකාර කරන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.