Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුල දරුවන් දෙදෙනෙක් පැවිදි බිමට

මොරවක මිල්ලව සරත් මුතුකුමාර සේනානායක හා මධුසංක රුවන් චාමර කුල කුමරුවෝ මේ මස 19 වැනිදා පෙ.ව. 8.22 ට යෙදෙන සුබමොහොතින් පැවිදි බිමට පත්වෙති.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ මූලිකත්වයෙන් කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී මෙම පින්කම පැවැත්වේ. තත් විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කමට සමගාමීව සිදුකෙරෙන මෙම පැවිදි කිරීමේ පුණ්‍යෝත්සවයට ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.