Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ස්ථානය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ස්ථානයේ කඨින පින්කම නොවැම්බර් මස 10 හා 11 දිනවලදී අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. නොවැම්බර් මස 10 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද11 දින අලුයම කඨින වස්ත්‍රය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තෙවරක් පැදකුණු කෙරේ. අනතුරුව කඨින වස්ත්‍රය තිස්සාරාමය වෙත භාර දෙනු ලැබේ. 11 දා දහවල් මහා සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ.

 

සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය ඔක්තෝබර් මස 14 දින සිට 18 වන දින දක්වා පැවැත්වේ. මෙවර පින්කම ශාන්ති පදනමේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මූලික දායකත්වයක් පැවැත්වේ. 14 දින සිට 17 දින දක්වා දිනපතා සවස 6.00 ට අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාවක් පැවැත්වෙන අතර 17 වනදා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවෙන් අනතුරුව 18 වන දා උදේ කඨින චීවර පූජාව සහ සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.

සම්බෝධි විහාරය

කොළඹ විජේරාම මාවතේ සම්බෝධි විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් මෙම 18 වනදා සියක් නමක් සඟරුවන විසින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදා (19) උදෑසන කප්රුක් සහිත කඨින පූජාව සහ දවල් අස්ගිරි මල්වතු මහ නාහිමිවරු ප්‍රධාන එකසිය පනස් නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම මෙම මස 18 – 19 දෙදින තුළ හීනටියන නන්දතිස්ස මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම මහින්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.