Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැවයෙන් කළ බුදු රුව සඳහා අන්තර්ජාතික සම්මානයක්

පසුගියදා රුසියාවේදී නිමාවට පත් වූ චිත්‍ර, මූර්ති හා අත්කම් ශිල්පින්ගේ දෙවන ලෝක ඩෙල්ෆික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජාතික ශිල්ප සභාවෙන් ඉදිරිපත් කළ හස්ත කර්මාන්ත ශිල්පී ජී. ඉන්දික උදයංග මහතා විසින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දී ඇත. ලෝකයේ විවිධ රටවල් 61 ක් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටියහ.

ජාතික ශිල්ප සභාව විසින් තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන් දෙදෙනෙකු මෙම ලෝක ඩෙල්ෆික් තරගාවලිය සඳහා සහභාගි කරවූ අතර ඒ අතරින් දැව කැටයම් හා දැව මූර්ති අංශය නියෝජනය කළ ඉන්දික උදයංග මහතා විසින් දිනාගත් මෙම ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් දිනූ ප්‍රථම අවස්ථාව වේ.

ගාල්ල, ඇල්පිටියේ පදිංචි ඉන්දික උදයංග මහතා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි, විශිෂ්ට දක්ෂතාවලින් පිරිපුන් තරුණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියෙකි. තවමත් තිස් එක් වැනි වියෙහි පසුවන ඔහු 1997, 1999, 2000 සහ 2006 යන වර්ෂයන්හිදී දකුණු පළාත් සහ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශන වලදී ‘ජාතික සම්මාන ප්‍රථම ස්ථාන’ ඇතුලු සම්මාන රැසක් දිනා ඇති අතර ‘ශිල්ප 2007’ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැවයෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාව සඳහා ජනාධිපති රජත සම්මාන දිනූ අත්කම් ශිල්පියෙකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.