Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිගම ඤාාණරතන මහ නා හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහානායක රත්මලානේ මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමියනගේ 96 වන ජන්ම දිනය නිමිත්තෙන් රත්මලානේ මල්ලිකාරාමයේදී මෙම 14 වන දා පින්කම් මාලාවක් පැවැත්වේ.

ත්‍රිකුණාමලය මිහිඳුපුර මහා විද්‍යාලයේ සිසු දරුවන් 12 දෙනකු වෙත මෙම 14 වනදා ශිෂ්‍යාධාර පිරිනැමෙන අතර හැට නමක් පමණ මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පවත්වනු ලැබේ. එදින ලේ දන්දීමේ පින්කමක් ද පෙරවරු 8 සිට සිදු කැරේ. මල්ලිකාරාමස්ථ දායක පිරිස සහ සිරි වජිරඤාණ දහම් පාසල මගින් පින්කම් මාලාව සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.