Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝම්බර් 17, 18 දිනවලදී පැවැත්වේ.

ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන අමුතු මුල් තැන් බුද්ධ පූජාව සහ කප්රුක් සහිත කඨින චීවර පූජාව සහ මල්වතු අස්ගිරි අතිගරු මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අට පිරිකර සහිත සංඝගත දක්‍ෂිණාවක් මෙම පින්කමට ඇතුළත් වේ.

17 වන දා සවස 4.00 සිට 5.00 දක්වා පවත්වනු ලබන ධර්ම දේශනාවෙන් කඨින පින්කම් මාලාව ආරම්භ කෙරේ. මෙවර පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය උසුලනු ලබන්නේ හෝමාගම, මධුරි කාස්, මධුර පැෂන් යන ව්‍යාපාරයන්හි අධිපති විමලරත්න මහතා සහ රත්නා, උඩුවන මහත්මියයි.

පාදුක්ක හයිලෙවල් පාරේ අංක 138- 5 දරන රත්නභූමි නිවසේ සිට භෙරිනාද සහිත දළදා පුවත පට්ඨානය සහ පිරිත් සජ්ඣායන මධ්‍යයේ පෙරහරකින් කඨින වස්ත්‍රය මහනුවර කටුකැලේ ලේඩිබිලේක් ආරාමය වෙත වැඩමවාගෙන ඒ මෙන් පසු පසු දින අලුයම (18) අලි ඇතුන් සහිත පෙරහරෙන් කඨින වස්ත්‍රය ශ්‍රී දළදා මාළිගාවට පැමිණියෙන් පසු එදින දවල් සිදුකරන කඨින දානමය පින්කමේ දී කඨින වස්ත්‍රය සංඝ සතු කර පූජා කෙරේ.

මහනුවර කටුකැලේ ලේඩ්බිලෙක් ආරාමාධිපතිනි කොත්මලේ, සුධර්ම සිල්මෑණියන්ගේ මෙහෙයවීමෙන් හා පූර්ණ අනුග්‍රහයෙන් සිදුකෙරෙන ශ්‍රී දළදා මාළිගාවේ 44 වෙනි කඨින පින්කම මෙයවේ. එම පින්කමට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රධාන බෞද්ධ ප්‍රභූන් රැසක් සහභාගි වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.