Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තිස්සමහාරාම රජමහා විහාරය ආශ්‍රිත භූමි භාගය පූජා නගරයක් ලෙස සංවර්ධනය කැරේ


තිස්සමහාරාම රජමහා විහාරය ආශි‍්‍රත ප්‍රදේශය පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මහා සඟරුවන කැටුව අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් චෛත්‍ය අසලින් ගමන් ගත් අයුරුයි මේ.

තිස්සමහාරාම රජමහා විහාරය ආශි‍්‍රත භූ®මිභාගය පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පූජා භූ®මි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන හා පූජා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් එම පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

පූජාභූ®මි සංවර්ධන සැළසුම යටතේ පළමුවෙන්ම සුවිසල් විශ්‍රාම ශාලාවක් ඉදිකෙරේ. එහි ඉදිකිරීම් කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉකුත් දින ආරම්භ කැරිණි. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටිය ඉක්මවයි. මංමාවත් සනීපාරක්ෂක පහසුකම් ජල විදුලි වාහල්කඩ, ආරක්ෂිත වැටවල් ප්‍රාකාර රථ ගාල් තොරතුරු මධ්‍යස්ථාන ආදියද අභිනවයෙන් ඉදි කෙරෙනු ඇත. විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් තිස්සමහාරාම අංග සම්පූර්ණ පූජා නගරය ඉතා කඩිනමින් ඉදිකෙරෙනු ඇත. මේ පිළිබඳව රුහුණු මාගම්පුර මහා සඟරුවන හා බෞද්ධ ජනතාව ජනාධිපතිතුමාට ස්තූති පූර්ව ප්‍රණාමය පළ කැරේ.

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.