Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිටවන්න

 

වකුගඩු ‍ රෝගියාට පිහිට වන්න

මෙබ්මුල්ල, දාරළුව ඔබේසේකර මාවත අංක 28 ස්ථානයේ පදිංචි දෙදරු පියකු වන චමින්ද ලාල් ජයකොඩි මහතා දරුණු වකුගඩු ආබාධයකින් කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි. මොහුගේ ජීවිතය බේරා ගැනීමට ‘බී පොසිටිව්’ වර්ගයේ ලේ ඇති අයකුගේ් වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් එම ශල්‍ය කර්මය සඳහා රු. ලක්ෂ පහක පමණ මුදලක් වැය වන බවත්, වෛද්‍යවරු පවසති. එතරම් මුදලක් සොයා ගැනීම දුෂ්කර බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර අවශ්‍ය වේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලින් ඉහත ලිපිනයට හෝ 0332228915 දුරකතන අංකයට අමතන ලෙස ද මුදල් පරිත්‍යාගශීලින් ලංකා බැංකුව ගම්පහ ශාඛාවේ 5997847 ගිණුම් අංකයට මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කැරේ

*********

හෝමාගම පිටිපන (දකුණ) අංක 406 / 6 නිවසේ වෙසෙන 31 වියැති එම්. පී. ඩී. නවෝදිනී මහත්මියගේ වකුගඩු දෙකම දරුණු ලෙස අක්‍රීය වෙමින් පවතී.

එමනිසා දැනට සතියකට වතාවක් ඇගේ ලේ පිරිසිදු කිරීම සිදු කරන අතර ඉතා ඉක්මනින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුන් සිටී නම් 077 3757259 දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.

*********

රත්මලාන, ශ්‍රී ධර්මාරාම පාර වලව්වත්තේ පදිංචි ඒ. එම්. මයුරි රේණුකා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. මේ වන විට ඇයගේ වකුගඩු දෙකම දැඩිසේ රෝගීව අක්‍රීය තත්ත්වයේ පවතින අතර වහාම ඇයට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසති.

දැනට ඇයගේ මවුපියන්ද ජීවතුන් අතර නැති අතර එකම සොහොයුරා ද මීට වසර දෙකකට පමණ පෙර හදිසි අනතුරකට ලක්ව මේ දක්වා යහපත් සිහියකින් තොරව ඔත්පලව එක්තැන්ව සිටී.

ඇයගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් හෝ පින්වතියක වේ නම් නො. 146 ශ්‍රී ධර්මාරාම පාර, වලව්වත්ත, රත්මලාන ලිපිනයට හෝ දුරකථන අංක 011 2729269 ට දැනුම් දෙන මෙන් ඇයගේ ඥාතීහු ඉල්ලීමක් කරති. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා වැය වන මුදල් සොයා ගැනීමද ඔවුනට විශාල ගැටලුවක්ව පවතින බැවින් මේ සඳහා කිසියම් මුදලක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් රත්මලාන මහජන බැංකුවේ ගිණුම් අංක 080 2002 3 1111 508 ට එම පරිත්‍යාග යොමු කරන මෙන් ද ඉල්ලීමක් කෙරේ.

*********

අක්මීමණ, තල්ගස්දූවවත්ත, කපුහෙම්පල 240 / ඒ නිවසේ පදිංචි ජයලාල් ගුණවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඔහුට ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කල යුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇත. පරිත්‍යාගශීලී අයකු වෙතොත් 091 – 4906348 අංකයට අමතන්නැයිද ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මූල්‍යාධාර කරාපිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 1 – 0121 – 77 – 0099 – 7 ගිණුමට බැර කරන මෙන්ද ඉල්ලීමක් කැරේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.