Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දූනගහ පහන් සිත් පදනමෙන්

‍සෝමාවතී පුදබිමේ දී පින්කම් මාලාවක්

දූනගහ පහන් සිත් පදනම සංවිධානය කරන සෝමාවතී චෛත්‍ය වන්දනා පූජෝත්සව පින්කම මෙම 20 දා සිදු කැරේ. රටටත්, රට වැසි සැමටත් සෙත් පතා එම පින්කම සිදු කැරෙන බව පහන් සිත් පදනමේ ලේකම් ඕවිටිගමුවේ මණිරතන හිමියෝ සඳහන් කරති.

එදින සීල සමාදාන වැඩ සටහනක්, ධර්ම දේශනා, භාවනා, කප්රුක් පූජා, කිරි ආහාර පූජාව, මුරුතැන් බුද්ධ පූජාව හා සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ. 20 වන දා උදෑසන 6.30 කප්රුක්, පූජාව, කිරි ආහාර පූජාව හා සීල සමාදාන වැඩ සටහන ඇරැඹීම මෙහෙයවනුයේ ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් විසිනි.

8.30 භාවනා වැඩසටහන මෙහෙයවීම දූනගහ ධම්මෝදය නාහිමියන් විසිනි. 9.30 දහම් දෙසුම ලදකුඹුරේ සෝභිත නාහිමි. 10.30 මුරුතැන් බුද්ධ පූජාව ද 11.30 සංඝගත දක්‍ෂිණාවද පස්වරු 2.30 පුණ්‍යානුමෝදනාවද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.