Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම සෙත් පැතීමේ පින්කම

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 41 වෙනි වාර්ෂික මහා පින්කම් මාලාව 2008 සැප්තැම්බර් මස 8 වනදා සිට 14 වනදා දක්වා දිවා රාත්‍රි දෙකෙහි පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මෙවර උත්සවයේ අවසාන දින යෙදී තිබෙන දෙවාල් මඩු ශාන්ති කර්මය සහ ගිනි පෑගීම අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබේ. මෙම දේව මෙහෙය සෑම වර්ෂයක් පාසාම ශ්‍රී දොවොල් මහා දේවාලයේ උත්සවයේ අවසාන වැඩසටහන ලෙස සිදුකළ ද මෙවර ප්‍රථම වතාවට මෙම දේවාලයේ දී සිය දිවි හිමියෙන් රට සුරකිමින් කුරිරු ත්‍රස්තවාදය පරදා ගෞරවනීය සාමයක් ලක්මාතාවට උදාකර දීමට කැප වී සිටින ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රිවිධ හමුදාවට පොලිසිය ඇතුළු සියලුම රණවිරුවන්ට සෙත් පැතීමට දෙවොල මඩු ශාන්ති යාගය පැවැත්වේ.

සැප්තැම්බර් මස 13 වෙනි දින රාත්‍රී 7.30 සිට පසුදින පහන්වන තුරු මෙම දේව මෙහෙය පවත්වනු ලැබිණ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.