Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර අබියස බිනර පෝදා පින්කම් රැසක්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බිනර පෝදා පින්කම් රැසක් පැවැත්වීමට ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ් අනුශාසනා පරිදි කටයුතු සම්පදානය කර ඇත. මෙදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල්පහන් ගිලන්පස හා කිරි ආහාර පූජාව වර්ණ හයකින් යුතු සලුවක් කිරිවෙහෙර චෛත්‍යය වටා ශබ්ද පූජා මධ්‍යයේ පැළඳවීම හා කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේදී පැවැත්වේ. මගාඝෝෂ පුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණීම. උදේ ධර්ම දේශනාව කතරගම අෂ්ඨඵල බෝධි තේවාව භාර මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වනු ලැබේ.

සවස මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවෝ මල් පෙරහැරකින් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවට සාමය සමගිය උදාවේවායි ප්‍රාර්ථනා කරති.

රාත්‍රී කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පසුදා පහන්වනතුරු පැවැත්වේ.

ළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කමේ කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.