Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනගාරික ධර්මපාල සමරු උළෙලක් කුරුණෑගල දී

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සමරු උළෙල කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේදී පැවැත්වේ.

මෙදින පෙරවරු 8 ට කුරුණෑගල නගරයේ ධර්මපාල උද්‍යානයේ පිහිටි ‘දම්පල් පිළිරුවට’ කුරුණෑගල නගරාධිපති නිමල් චන්ද්‍රසිරි සිල්වා මහතා අතින් පුෂ්පෝපහාරය දැක්වේ.

අනතුරුව පෙරවරු 9 ට තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ග‍ණ සමරු උත්සවය පවත්වනු ලැබේ. මුලසුන පාදෙණිය රජමහා විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුමුළුවේ සුමනරතන නාහිමියන් විසින් හොබවන අතර ප්‍රධාන දේශනය හිටපු සංස්කෘතික හා සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් එක්සත් ජාතීන්ගේ් සංවිධානයේ හිටපු ආසියා කලාපීය සමාජ සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ලීල් ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබේ.

මෙදින කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ අනුග්‍රහයෙන් උතුරු නැගෙනහිර සටන් වැදී තුවාල ලබන රණවිරුවන් සඳහා ලේ දන්දීමේ කඳවුරක් ද පැවැත්වේ.

ගුණ සමරු රැස්වීම අවසානයේදී දහම් පාසල් හා පාසල් සිසුන් අතර පැවති දහම් දැනුම, රචනා කාව්‍ය ගායනා චිත්‍ර හා කථික තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා බොදුහඬ දහම් ප්‍රෙහෙළිකා ජයග්‍රහාකයින්ට ත්‍යාග හා සහතික ප්‍රදානය පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ පාසල් සිසුන් 10 කුට මුදල් ආධාර ප්‍රදානය සහ බොදුහඬ අනගාරික ධර්මපාල ගුණ සමරු කලාපය නිකුත් කිරීමටද සිදු කෙරේ.

සංගමයේ සභාපති විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.බී. එච්. ගොඩමුන්න හා ලේකම් ආචාර්ය ඩී.එම්. ටී.බී. දිසානායක මහතුන්ගේ මූලකත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම ගුණසමරු උත්සවය සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.