Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මපාලතුමන්ගේ ජන්ම සමරුවට

මහාබෝධි සමාගමෙන් පින්කම්

ඉන්දියාවේ මහබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 144 වන ජන්ම දින සැමරුව සඳහා ඉන්දියාවේ මහාබෝධි සමාගම විසින් මෙම 17 වනදා සවස 5 ට කොල්කටාහි ශ්‍රී ධර්මරාජික විහාරස්ථානයේදී උපහාර පුණ්‍යෙීත්සවයක් පැවැත්වෙයි.

එදින උදෑසන 8 ට පන්සිල් සමාදන් වීම සහ බුද්ධ පූජාවද 9 ට පාසල් චතුරශ්‍රයේ පිහිටි ධර්මපාලතුමන්ගේ පිළිරුවට මල්මාලා පැළඳවීම ද 10.30ට බුද්ධ පූජාව සහිත සාංඝික දානයක් ද සවස 3.30 ට 2600 බුද්ධ ජයන්තිය වෙනුවන් පැවැත්වීමට නියමිත සමරු උළෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද සවස 5 ට විශේෂ ජන හමුවක්ද සවස 7.30 ට ප්‍රදීප පූජාවක් සහ ධම්මචක්ක සූත්‍ර දේශනාවක්ද පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලාල් බහුදුර් ශාස්තී සංස්කෘත විද්‍යා පීඨයේ උපකුලපති මහාචාර්ය වාචාස්ති උපාධ්‍යාය මුලසුන හොබවන මේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් චරිස්සා ප්‍රදේශයේ සුරාබදු හා සංචාරක අමාත්‍ය ශ්‍රී දේවේ ප්‍රසිද් විශ්රා ද, හෝමියෝපති හා යෝග ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ ආචාර්ය දිබ්යසුන්ද ර් දාස් ප්‍රධාන කථිකයා වශයෙන් ද සහභාගි වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.