Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි ටීකා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය පිණිස කිරම විමලජෝති හිමියෝ ඉල්ලති

පාලි ටීකා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා පාලි ටීකා ග්‍රන්ථ මුද්‍රිත පොත් පුස්කොල පොත් බුරුම අකුරෙන් ලියූ මුද්‍රිත පොත් දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ලබා දෙන්නැයි එහි අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියෝ ඉල්ලීමක් කරති. මුදලට දෙන්නේ නම් එසේ මිලට ගැනේ. එසේ නැතිනම් ටීකා ග්‍රන්ථය තාවකාලිකව එම මධ්‍යස්ථානයට බාර දෙන ලෙසත්, එය සිංහලට පරිවර්තනය කිරීමෙන් පසුව මධ්‍යස්ථානය වෙත බාර දුන් පිටපතත් සමග අලුතින් මුද්‍රණය කළ පොතේ පිටපතක් ද නැවත ලබා දෙන බවත් කියයි. පොතේ සුරක්ෂිත භාවය පිළිබඳ වගකීම එම ආයතනය බාර ගන්නා බවද පොත ලබා ගත් පසු එය භාරගත් බවට ලිපියක්ද පිරිනමන බවත් විමලජෝති හිමියෝ පවසති. එම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් අරඹන ලද පාලි අට්ඨ කථා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය දැන් අවසන් වෙමින් පවතින බවද විමලජෝති නාහිමියෝ පවසති. ටීකා ග්‍රන්ථ මෙසේය.

1. වජිරබුද්ධි ටීකාව - විනය 2. සාරත්‍ථ දීපනී විනය ටීකාව 3. විමති මිවිනෝදනී විනය ටීකාව 4. කඞඛා විතාරණි හෙවත් විනයත්‍ථ මඤ්ජුසාටීකාව 5. ලියත්‍ථප්පකාසිනී ටීකාව දීඝනිකාය 6. සාරත්‍ථමඤජුසා අඞගුත්තර නිකාය 7. සාධුවිලාසනී දීඝනිකාය 8. නෙත්තිවිභාවිනී 9. පෙටකාලංකාර ටීකා 10. පරමත්‍ථප්පකාසිනී මූල ටීකා අභිධර්ම 11. මධුසාරත්‍ථ දීපනී ටීකා 12. මණීදීප ටීකා වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.