Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික ශ්‍රී සංඛපාල ඇසළ උළෙල

ඓතිහාසික ශ්‍රී සංඛපාල ඇසල උළෙල හා පිරිත් පින්කම මෙම 4 වැනිදා ඇරැඹි අතර මෙම මස 14 වනදා දක්වා පැවැත්වේ. සැප්තැම්බර් 4 වැනිදා රාත්‍රී 9.30 ට සත්වරු පිරිත ආරම්භ කැරැණි. 5 වැනි දා යුග දේශනාවද, 06 වන දා සූත්‍ර දේශනාවද, 7 දා දේව දූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාවද පැවැත්වේ. 8 දා කුඹල් පෙරහරද, 9 දා සළු පෙරහරද, 10 දා රන්දෝලි පෙරහරද ,11 දා ගිනි සිළු පෙරහර හා ගිනි පෑගීමද සිදු කැරේ. මහ පෙරහර 12 දා පැවැත්වෙන අතර, 13 දා දිය කැපීම හා එදින රාත්‍රී ගම්මඩු උළෙල ද, පසුදා උදෑසන දේව දානය පිරිනැමීමෙන් ඇසල උළෙල නිමාවට පත්කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.