Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වාද්දූව,, දුම්රියපළ පාර, අංක: 47/9 නිවසෙහි පදිංචි ටී.උපුල් ශාන්ත පීරිස් මහතාගේ වකුගඩු දෙකම නරක් වීම නිසා වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විසින් පවසා ඇත. එබැවින් ඉක්මණින් ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් සොයා ගැනීමට උපකාර වන්නැයි ඉල්ලිමක් කැරේ. මහජන බැංකුව වාද්දූව ශාඛාවේ 262 - 200156834713 ගිණුම් අංකය වෙත වකුගඩු සැත්කම සඳහා ආධාර කළ හැකි බවද කියයි. 060 2390597 දුරකතනයෙන් විස්තර විමසිය හැකිය.

******

බෙලිගමුව, ගලේවෙල පදිංචි 43 හැවිරිදි දෙදරු මවක් වන ඒ.ජී.කමලාවතී මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඇයට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයෙකු ඉදිරිපත්ව ඇත. වකුගඩුව බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා ආධාර පතයි. පරිත්‍යාගශීලීන්ට මහජන බැංකුව ගලේවෙල ශාඛාවේ අංක 115200275503825 දරන ගිණුමට තම ආධාර බැර කළ හැකි බව කියයි.

******

දියතලාව ඩවුන්පැට්නා පාර ලිපිනයේ පදිංචි ඩී.එම්.සිසිර කුමාර නිලංග මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව කඩිනමින් ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බවට උපදෙස් දී ඇත. මේ සඳහා ස්වාමින් වහන්සේ නමකගෙන් සිල් මෑණි කෙනෙකුගෙන් බී පොසිටිව් වර්ගයේ හෝ ‘ ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

මහනුවර මහ රෝහලේදී නොමිලේ වකුගඩුව බද්ධ කිරීමට වෛද්‍යතුමන්ලා ක්‍රියා කරන අතර, පිටතින් අවශ්‍ය ඖෂධ වර්ග හා විවිධ පරීක්ෂණ කළ යුතු බවද, මේ සඳහා විශාල මුදලක් වැයවන අතර ඒ සඳහා ඔහුට වත්කමක් නොමැති බැවින් දියතලාව ලංකා බැංකුවේ අංක 3579985 දරණ ගිණුමට මුදල් පරිත්‍යාගයක් යොමුකර කරන ලෙසද මේ පිළිබඳව ඔබට යම් තොරතුරක් අවශ්‍ය වේ නම් 0723396322 ජංගම දුරකථනයෙන් විමසිය හැකි බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.