Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලොව පුරා රටවල් 150 කට වැඩි ප්‍රමාණයක සජීව ලෙස විකාශය කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 55ක මුදල් චෙක්පත, සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බාරදුන් අවස්ථාව.

ඡායාරූපය : උදේනි රාජපක්ෂ

කොටවිල ශ්‍රී සුනන්දාරාමය, දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරය සහ සිංගප්පූරුවේ ආලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති, ආචාර්ය කොටවිල ශ්‍රී පේමාලෝක හිමියන් වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය මගින් “සිංගප්පූරුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවිය පිරිනැමිණි. ඒ නිමිත්තෙන් ශ්‍රී පේමාලෝක නාහිමියෝ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදුටු අයුරු.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.