Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරකරු සුභ සාධක ආගමික දිනය

සැප්තැම්බර් 6 වන දිනට යෙදෙන සිරකරු සුභ සාධක දිනය සැමරුමේ ආගමික දිනය යෙදී ඇති අතර එකී දිනය නිමිත්තෙන් බූස්ස බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය මගින් එහි සභාපති ඩී.ඩබ්.ඒ. තිස්ස මහතාගේ උපදෙස් මත බූස්ස බන්ධනාගාරයේ දී පස්වරු 3.00 ට නව අරහාදී පහන් පූජාව, අධිෂ්ඨාන බෝධි පූජාව සහ බුද්ධානුස්සති භාවනාව ගාල්ලේ, කේ.පරණවිතාන මහතාගේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබේ.

මේ සඳහා බූස්ස බන්ධනාගාර මත්වරදකරුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියලු සිරකරුවන් හා නිලධාරීන් සහභාගී වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.