Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ විවාද තරගාවලියට අයැදුම්පත් බාර ගැනේ

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ අන්තර් දහම් පාසල් අභියෝගතා සමස්ත ලංකා විවාද තරගාවලිය සඳහා මේ මස 21 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනේ. දැයේ දූ දරුවන් සඳහා දෙවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය සඳහා හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ශූරතා කුසලානය සමග කණ්ඩායමේ සාමාජිකයන් සිවුදෙනාට නොමිලේ දඹදිව වන්දනා චාරිකාවක් ප්‍රදානය කරනු ලැබේ. අනු ශූරතාව සඳහා සෙන්පති හෙන්රි ඕල්කට් අනුස්මරණ අනුශූරතා කුසලානය පිරිනමන අතර දිස්ත්‍රික් ජයග්‍රහණ විශේෂ දක්‍ෂතා වෙනුවෙන් කුසලානය ද පිරිනැමේ.

අයදුම්පත් හා තරග නීතිරීති පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා සභාපති කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය, අංක. 203, බෞද්ධ මන්දිරය, ඕල්කට් මාවත, කොළඹ 11 යන ලිපිනයට හෝ 11- 2323085 /2441639 අංකවලින් විමසීම් කළ හැකි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.