Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ආදි කර්තෘවරුන් සැමරීම 16 දා

හොරණ රජමහ විහාරස්ථානය අනුබද්ධිත විද්‍යාරත්න පිරිවෙනේ ආදි කර්තෘවරුන් සමරා උන්වහන්සේගේ නාමයට සමරු සම්මාන පිරිනැමීම හොරණ පඤ්ඤාශේඛර නා හිමි පදනමේ මූලිකත්වයෙන් හා ජාතික සම්මාන සරසවි ආයතනය හා සමාජසේවා සම්මේලනයේ අනුග්‍රහයෙන් ලබන 16 වෙනි දින ප.ව. 3.00 ට හොරණ විද්‍යාරත්න පිරිවෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම උත්සවයේ මුලසුන රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍යශුරී රෝහණ පාර්ශ්වයේ මහා නායක අත්තුඩාවේ රාහුල නා හිමියන් විසින් හොබවනු ලබන අතර, දිවයිනේ, විද්වතුන් රැසක් විසින් මෙහි දේශනා පැවැත්වීමට නියමිත ය. හොරණ රජමහා විහාරාධිපති ලන්ඩන් තේම්ස් විහාරස්ථානයේ ආගමික අධ්‍යක්‍ෂ, සාමවිනිසුරු රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී හොරණ ශ්‍රී පඤ්ඤාශේඛර නා හිමියන්ගේ අනුශාසනා මත පැවැත්වෙන මෙම සමරු සම්මාන උත්සවයේ දී හොරණ විද්‍යාරතන පිරිවෙනේ සුභ සිද්ධියට හා සසුනට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට හා සමාජයට සුවිශාල සේවයක් කර අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මහනුවර ධම්මරතන මා හිමි, සිංහල ශබ්ද කෝශයේ සම්මාන කර්තෘ රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඥාණ නා හිමි, රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ කහටපිටියේ රාහුල නාහිමිවරුන් ප්‍රධාන කරගනිමින් රටේ කීර්තියටත් මෙහෙවරක් කරන ලද විශිෂ්ටයින් පිරිසකට ගෞරව උපහාර පිදීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.