Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙත් වතු පූජාවක්

මුහුද ගොඩගැලීමෙන් විනාශයට පත් වූ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ ජනතාවට පානම කුරුලත් පොකුණ ගම්මානය නිර්මාණය කළ අවිස්සාවේල්ල මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලෑවේ මහින්ද හිමියන් අම්පාර ශාස්ත්‍රවෙල බෝධිගිර පුරාණ රජමහා පිරිවෙන් විහාරස්ථානයේ නේවාසික භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුවට කෙත් වතු පූජා පින්කමක් ලබන 20 දා සියයකට අධික මහා සංඝරත්නය ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ය. මිල්ලෑවේ මහින්ද හිමියන් විසින් මිලට ගත් කුඹුරු අක්කර 03 ක් රන් කෙන්ඩියකින් අතපැන් වත්කර මහා සංඝරත්නයට මෙදින පූජා කිරීමට ද නියමිත ය.

එම පින්කමට සහභාගී වන පින්වතුන් අගෝස්තු 19 වන දින අලුයම 5.00 ට අවිස්සාවේල්ල මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනයෙන් පිටත්වීමට ද නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.