Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටියේ 75 වන ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දූව තල්පිටියේ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී දළදා පූජෝත්සවය අගෝස්තු මස 23 වන දින ආරම්භ වේ. 30 වන සෙනසුරාදා ශ්‍රී දළදා මහා පෙරහර රාත්‍රිය මුළුල්ලේ වීදි සංචාරය කැරේ.

එම විහාරාධිපති තල්වත්තේ ඉන්ද්‍රජෝති, විහාරාධිකාරී, තල්පිටියේ චන්දරතන සහ විහාරවාසී තල්පිටියේ ධම්මරතන යන හිමිවරුන් ඇතුළු විහාරස්ථ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, ධර්ම දේශනා සංසදය, තරුණ අධ්‍යායන කවය, එම පූජෝත්සවය සංවිධානය කරති.

තිස් පෑ හත පිරිත් පින්කම අගෝස්තු 24 වන දා රාත්‍රී 9.00 ආරම්භ වී අගෝස්තු මස 27 වන දින රාත්‍රී දොරකඩ අස්න අනු ශාසනාවද අගෝස්තු මස 28 දින හීල් දානයද පූජා කැරේ.

අගෝස්තු 23, 24, 25, 26 සහ 28 යන දිනවල ගම් ප්‍රදේශය වටා කොට්ඨාස පෙරහර පහක්ද 27 වන දින ‘දේවදූත’ පෙරහරද 30 වන සෙනසුරාදා ශ්‍රී දළදා මහා පෙරහර ද රාත්‍රිය පුරා වීථි සංචාරය කර පසුදා අලුයම විහාරස්ථානයට ගෙවදීමෙන් පසු 75 වන ශ්‍රී දළදා පූජෝත්සවය නිමවේ.

රට වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ සියලුම රණවිරුවන්ටත් පින්පැමිණ වීම සඳහා විශේෂ ධර්මදේශනයක් අගෝස්තු මස 28 වන දින රාත්‍රී 7.00 ට පවත්වනු ලබන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.