Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලියාය පියරතන පිරිවෙනේ දී පින්කම් මාලාවක්

මොනරාගල වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙන් භූමියේ අභිනව අටවිසි මුනි රූ සහිත මහ සෑයේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු මස 21 වැනි දින පෙරවරුවේ සිදු කැරේ. මහ සෑය සඳහා කොත් වහන්සේ පිරිනැමූ සමස්ත ලංකා බෞද්ධ සංවිධානයේ සභාපති එස්. අබේරත්න මහතා කොත් පැළඳවීම සිදු කරන අතර කොත් වහන්සේ නිරාවරණය කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති මහෝපාධ්‍යය වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් අතින් සිදු කැරේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ඇතුළු මොනරාගල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් ද පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ඇතුළු මැති ඇමතිවරුන් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද ප්‍රදේශයේ බොදු බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වෙති. මේ පුණ්‍යේත්සවය නිමිතිකර ගෙන අගෝස්තු 18 වැනි දින සිට 28 වැනි දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. අගෝස්තු 18 වැනි දින බෝධිරාජයාණන් වහන්සේ අභියස ඉදි කළ රන්වැට විවෘත කිරීම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැවේ සෝරතාභිධාන රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් අතින් සිදු කැරේ. මහසෑයේ තැන්පත් කරන කොත් වහන්සේ මොනරාගල සිට වැලියාය පිරිවෙණ දක්වා වැඩම කිරීම ද එදින රාත්‍රී අත්‍යාලංකාර පෙරහරකින් සිදු කැරේ. තිස් පැය හතක් අඛණ්ඩව සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ කරනුයේ ද එදින ය. එය අගෝස්තු 18 – 22 දින දක්වා පැවැත්වේ. අගෝස්තු 23 වැනි දින සිට 28 වැනි දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වෙන අතර 29 වැනි දින සියක් නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පිරි නැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.