Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙර පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීමට මල් පහන් කිරි ආහාර පූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා බෞද්ධ කොඩි 150 ක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී ද උදේ ධර්මදේශනාව කිරිවෙහෙර විහාරවාසී අෂ්ඨඵල බෝධි තේවාව භාර මිද්දෙණියේ උදිත හිමියන් විසින් ද පවත්වනු ලැබේ. සවස මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධි පූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මළුව අබියස පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර විහාරස්ථ ධර්ම ශාලාවේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු පැවැත්වේ.

කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.