Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටමුනි චෛත්‍යරාජයාණන් වහන්සේලා නිරාවරණය කැරේ

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් භූමියේ අටමුනි චෛත්‍යරාජයාණන් වහන්සේලා නිර්මාණය කොට ඇත. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සහ පරිත්‍යාගශීලී පින්වතුන්ගේ ද ආධාරයෙන් රු. ලක්‍ෂ 35 ක් වැය කොට මෙය සාදවා ඇති බව විහාරාධිපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ පැවසූහ. මෙම චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ ධාතු නිධානෝත්සවය හා කොත් පැළඳවීම ජූලි මස 14 වැනි දින සිදු කැරිණි.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේලා මහජනතාවට වැඳපුදා ගැනීම සඳහා නිරාවරණය කිරීම අගෝස්තු 16 වන දා (නිකිණි පුර පසළොස්වක පොහෝ දින) පස්වරු 2.30 ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර මහ නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය අතින් සහ මැති ඇමතිතුමන්ලා ප්‍රධාන දායක පිරිස අතින් සිදු කිරීමට සංවිධානය කර ඇත.

අගෝස්තු මස 16, 17, 18 තෙදින පස්වරු 07.00 ට විශේෂ පින්කම් මාලාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.