වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි
වැලිවිටියේ පඤ්ඤාජෝති හිමි
විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති ධුරය හෙබවූ විද්‍යෝදය
පිරිවෙණේ පරිවෙණාධිපති ධූරය දැරූ සාහිත්‍ය චක්‍රවර්ති රාජකීය පණ්ඩිත
වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අපවත් වීමෙන් ජුලි 17 දිනට වසර හතලිස්
පහක් සපිරේ.
ඒ නිමිත්තෙන් හික්කඩුවේ නලාගස්දෙනිය ශ්‍රී නාගරාමස්ථ ශ්‍රී සෝරත
පිරිවෙණේදී පින්කම් මාලාවක් පැවැත්වේ.
දහනව වන සියවසේ කෙළවර ඉපිද විසිවන සියවසේ ස්වකීය කාර්යභාරයන් ඉටු
කරමින් විසි එක්වන සියවසෙන් එපිටටත් ජාතියට හා දේශයට මහත් වූ ප්‍රති ඵල
අත් කර ගත හැකි ආකාරයෙන් මහත් වූ සේවාවන් සිදු කරමින් ශ්‍රී සුමංගල
ශබ්ද කෝෂය තනිවම ජාතියට උරුම කොට දුන්හ. සෝරත නාහිමියන්ගේ ගැඹුරු
පාණ්ඩිත්‍ය, විශාරද භාෂා නෛපුණ්‍ය දැකීමට ලියූ පොත් පත් රාශියකි. ඒ අතර
ප්‍රාකෘත සුක්ති මඤ්ජරී, සිංහල දශකුමාර චරිතය, වෘත්ත රත්නාකර සරල
ව්‍යාඛ්‍යා, දහම් සොඬ කාව්‍ය (පරිකතාව), මයුර සංදේශ විස්තර වර්ණනාව,
බුත්සරණ ගැටපද විවරණ (1 - 3 කාණ්ඩ), පරෙවි සංදේශ (පරිකතාව), එලු සදැස්
ලකුණ සඤ්ජීවනී ව්‍යාක්‍යා, ව් සිළුමිණ තල්පත ව්‍යාක්‍යා,
සෞන්දරානන්දකාව්‍ය කල්පලතා ව්‍යාක්‍යා, අමාවතුර ගැට පද විවරණය, කථා
තරංගණී කථා මෘතය, පාසල් දවස, සාහිත්‍ය සේවය, ගිරා සංදේශ විස්තර
වර්ණණාව, හංස සංදේශ විස්තර වර්ණණාව, පූජාවලී ගැටපද විවරණය, කුශ ජාතක
කාව්‍ය සංග්‍රය, ාව්‍ය ශේඛරය ගැටපද විවරණය, දළදා පහන, සංකෘත
ශබ්දාර්ණවය, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ලියා නිමවා මුද්‍රණය කොට ජාතියට
දායද කළ කෘති කීපයකි. සිය අත් අකුරින් ලියූ මුද්‍රණය නොවූ පොත් ද
කීපයක් ඇත. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් 1897 මැයි 23 වන දින
චන්ද්‍රදාස කුමාර සිරිවර්ධන නමින් වෛද්‍යාචාර්ය දෝන් ජොහෑනිස් කුමාර
සිර්වර්ධන පියාටත් ඇලිස් අමරසිංහ මවටත් දාව උපන් පින්වත් කුමරුවා 1912
ඔක්තෝබර් 15 වන දින වැලිවිටියේ සෝරත නමින් පැවිදි විය. 1917 දී
උපසම්පදා වීම, විද්‍යෝදය පිරිවෙණට ඇතුලත් වීම, 1923 දී එම පිරිවෙණේම
ආචාර්ය පදවියට පත්වීම 1936 දී විද්‍යෝදය පිරිවෙණේ උප ප්‍රධාන ධූරයට
පත්වීම, 1954 දී ත්‍රිපිටක පරිවර්තනයේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් වීම,
සංඝ නායක ධූරයට පත්වීම, විද්‍යෝදය පරිවෙණාධිපති ධූරයට 1956 දී
විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ අධිපති ධූරයට පත්වීම සිදු විය.
අධ්‍යාපන ආයතන ඇති කිරීම, පැවැත්වීම, පාලනය, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ
නියලීම, සෝරත නායක හාමුදුරුවන්ගේ් ජීවිතය පුරාම සිදු වූ දෙයකි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ යුගයෙන් පසු
විද්‍යෝදය පිරිවෙණෙහි ස්වර්ණමය වශයෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී සෝරත
නාහිමි යුගයයි.
ශ්‍රී සෝරත නාහිමියන් 1963 ජුලි 17 වන දින අපවත් වූවත් ශ්‍රී සුමංගල
ශබ්ද කෝෂයත් විද්‍යෝදය විශ්ව විද්‍යාලයත් පවත්නා තුරු ජීවමානයයි සඳහන්
කළ හැකිය.
ත්‍රිපිටක පෙළ පොත් පරිවර්තනය කිරීමේ මණ්ඩලයේ සභාපති පදවියද ප්‍රධාන
කතෘ පදවියද සෝරත නාහිමියන් විසින් දැරූහ. ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සිහි
කිරීම නිමිති කොට හික්කඩුව හෙට්ටිගොඩ තිලකාරාමයේ සහ නලාගස්දෙනිය
නාගාරාමයේ අධිපති ධූරය දරමින් හෙට්ටිගොඩ සහ නලාගස්දෙනියේ ජයන්ති
විද්‍යාල දෙකක් ආරම්භ කරමින් ගුරුවරුන් සඳහා තමන් වහන්සේගේ මුදලින්
වැටුප් ගෙවමින් මහඟු සේවයක් සිදු කොට රජයට පවරා දී ඇත. දැනට
නලාගස්දෙනියේ ජයන්ති විද්‍යාලය ලක්දිව ඇති විද්‍යාල අතර දියුණු
විද්‍යාලයක් බවට පත්වී ඇත.
ශ්‍රී සෝරත නාහිමියන් නොයෙකුත් පදවි දැරුවත් ඒවා උන්වහන්සේ සොයා ආවා
මිස උන්වහන්සේ පදවි සොයා නොගියේය.
විද්‍යෝදය විශ්ව විද්‍යාදලය ආරම්භ කරමින් මහඟු සේවයක් සිදු කොට වදාල
ශ්‍රී සෝරත නාහිමියන්ගෙන් බිහි වූ උගතුන් මෙරටේ බොහෝය. සුනාමි
ව්‍යසනයේදී ශ්‍රී සෝරත නාහිමියන් ඉදි කළ පැරණි ධර්ම ශාලා මන්දිරය අනාථ
වූ විශාල පිරිසකට සෙවන දුන්නත් මේ වන විට එම ශාලාව දිරාපත්ව අබලන්ව
පවතී. |