වෙස්සන්තර රජතුමා ජීවත්වූ ගුහාව
අනුර ජයතුංග
පරිවර්තනය -
කේ. පී. ඩබ්ලිව්. ධර්මසිරි
1870 දී සෙන්පති කනින්හැම් මහතා, ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක
වශයෙන් පත්විය. ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂණ පත්‍රිකා 13 කටත් වඩා ඔහු
විසින් ප්‍රකාශයට පත් කරන ලදී. (ස්කොට්) ජාතික ඇලන් කනින්හැම් මහතාගේ
දෙවන පුතා වශයෙන්, හෙතෙම 1840 දී උපත ලැබුවේය. ඉන්දියාවේදී කළ
සොයාගැනීම් නිසා ඔහු සාමි ( Knight) පදවියෙන් ද පිදුම් ලැබුවේය. 1893
දී පරලෝසැපත් විය. සංකස්ස කුසිනාරා ශ්‍රාවස්ති සහ තක්සිලා යන ආගමික
ස්ථාන සොයා ගැනීම් සම්බන්ධයෙන් හෙතෙම ප්‍රසිද්ධියට පත්විය. ඉන්දියානුවෝ
ඔහු " පුරාවිද්‍ය්‍යාවේ පියා" වශයෙන් නම් කළහ. වෙස්සන්තර රජතුමා ජීවත්
වූ පර්වත ගුහාව සොයාාගැනීමට හැකි වූ බව හෙතෙම ප්‍රකාශයට පත් කළේය.
ගොඩ නගන ලද වැඳුම පිදුම් කිරීමේ ස්ථාන 84000 ක්
උපගුප්ත මහ රහතන් වහන්සේගේ් උදව් ඇතිව ධර්මාශෝක මහරජතුමා විසින් 84,000
ක් ආගමික ස්ථාන කරවන ලද බව ප්‍රකට කරුණකි. ධර්මාශෝක රජතුමාගේ කාලයේදී
වැඩසිටි උපගුප්ත මහරහතන් වහන්සේ සිව්වෙනි පරම්පරාවේ රහතන් වහන්සේ නමකි.
රහතන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේට අනාගතය මෙන්ම අතීතයද ආවර්ජනය කිරීමට
හැකියාව තිබුණි.
ධර්මාශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි, කකුසඳ හා කෝනාගම බුදුරජාණන්
වහන්සේලාගේ කාලයේ පැවති ස්ථානද පෙන්වා දුන් සේක.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේගේ දේශනා පරිදි ධර්මාශෝක රජු
විසින් 84000 ක් ආගමික ස්ථාන, ඉන්දියාවේ පිහිටුවා ඇත. ඉන් සමහරක් අද
දක්වාද පවතී.
බුදුරජාණන් වහන්සේගේ තුන්වන පරම්පරාවේ රහතන් වහන්සේ නමක් වූ යස මහරහතන්
වහන්සේගේ ශිෂ්‍යයෙකි. උපගුප්ත රහතන් වහන්සේ.
අනාගත දැකීම් - උන්වහන්සේගේ දක්ෂතාවය පහත දැක්වෙන කරුණු වලින් පැහැදිලි
වේ.
ධර්මාශෝක රජතුමාගේ පුතා - කුනාල
ධර්මාශෝක රජතුමාගේ් පද්මාවතී නම් වූ බිසවට ධර්මවර්ධන නමින් පුතෙක්
සිටියේය. ඔහුගේ ශෝභමාන වූ ඇස් නිසා, ධර්මාශෝක රජතුමා, ඒ කුමරු
හැඳින්වූයේ කුනාල නමිනි. එක් දිනක්, කකුථ්‍යාරාම පන්සලේ වැඩ සිටි 'යස'
රහතන් වහන්සේ දැකීමට (හෙතෙම) ගියේය.
පෙර භවයකදී කරන ලද පාප කර්මයක් නිසා කුනාලගේ ඇස්දෙක මෑත අනාගතයේදී අන්ධ
වන බව උන්වහන්සේ කී සේක. (ආපසු වනයට පලා යතැයි සිතූ බැවින් හෙතෙම
පන්සියයක් සතුන්ගේ් ඇස් ගලවා දමා ඇත.)
සෑම අලංකාර දේවල - තාවකාලික ස්වභාවයක් ඇති බවද, කාලයාගේ ඇවෑමෙන් ඒ
සියල්ල විනාශ වන බවද උන්වහන්සේ ඔහුට වදාළහ.
ධර්මාශෝක මහරජතුමාගේ අන්‍ය බිරිඳක් වූ තිශ්‍යාරක්ෂිත බිසවුන් වහන්සේ,
ශෝභමාන වූ ඇස් ඇති කුනාලට ආදරය කළාය.
රහසේ ඇය හමුවීම, හෙතෙම ප්‍රතිකේෂ්ප කළවිට, රජතුමාගේ් රාජලාංඡනය සහිත
ලිපියක් සකසා (ඔහුගේ) කුනාල කුමරුගේ ඇස් ගලවා දැමීම පිණිස යැව්වාය.
ඒ කුමරාට ආදරය කළ ජනතාවගෙන් කිසිවෙක් ඊට ඉදිරිපත් වූයේ නැත.
ඊළඟට රජකමට උරුමය ඇති කුනාල කුමාරයා 'රජතුමාගේ් නියෝගය ක්‍රියාත්මක කළ
යුතුය' කියා තමාම ඇස් ගලවා දැම්මේය. මේ කාලය වන විට, ධර්මශෝක රජතුමා
බලවත් ලෙස රෝගීව සිටි බැවින්, ටික කලක් රාජකාරී කටයුතු වලට සහභාගි වීමට
ද නොහැකි විය.
පුතාගේ් ඇස් අන්ධවීම දැනගත් විට රජතුමා ක්ලාන්ත විය. වහාම
තිශ්‍යාරක්ෂිත බිසව විනාශ කිරීමට රජතුමාට අවශ්‍ය විය. එහෙත් කුනාල ඇයට
සමාව දුන්නේ 'ඉතාම කෘර හතුරෙකුටවත් හිංසාවක් කිරීමට' තමාගේ කැමැත්තක්
නැති බව කියමිනි. සතුරන්ටත් මෛත්‍රීය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැවතත්
කුනාලාට පෙනීම ඇතිවිය.
ලිපියෙහි රජතුමාගේ රාජලාංඡනය දුටුවත් ඇස් ගලවා දැමීමට කුනාල කුමාරයා
ඉඩදීම නිසා රජතුමා රාජපාක්ෂිකයන්ටද දඬුවම් කළේය.
කුනාල ඇස් ගලවා දැමූ ස්ථානයේ අඩි 100 ක් පමණ විශාල වූ දාගැබක්
ධර්මාශෝක රජතුමා තැනුවේය. (629 ඒ.ඩී) හියුංසාන්ගේ සොයාගැනීම් අනුව
සෙන්පති කනිංහැම්ගේ ගවේෂණ
සේනාපති කනිංහැම් තක්ශිලාව අසල, කර්මාල් දාගැබ සොයාගත්තේ චීන, බෞද්ධ
දේශාටකයකු වූ හියුසාන්ගේ පොතක් ඇසුරෙනි.
එතුමා 629 දී පැමිණි 645 ඒ.ඩී ආපසු චීනයට ගියේය. හියුංසාන් විසින් සකස්
කළ ලේඛනවල එතුමා ඉන්දියාවේ සංචාරය කළ ප්‍රදේශ ද ධර්මශෝක රජතුමා ඉදිකළ
ගොඩනැගිලි ගැනද සඳහන් ය. මේවා පැහැදිලිව පහසුවෙන් සොයා ගැනීමට සෙන්පති
කනිංහැම්ට ප්‍රයෝජනවත් විය.
ඉන්දියාවේ සිව් රටටද පැමිණැති බැව් පවසන හියුංසෑන් ධර්මශෝක රජතුමා
විසින් කරවන ලද ගොඩනැගිලිද එතුමා දැක ඇත.
පළමු සිහිවටනය වන්නේ වෙස්සන්තර රජතුමා මාලිගාවෙන් වෙන්ව යෑමේ අවස්ථාව
ගැනය. තවත් කරුණක් වන්නේ වෙස්සන්තර රජතුමා ජූජක බමුණාට දරුවන් දන් දුන්
ස්ථානයේ ස්මාරකය ය. තවදුරටත් එතුමා පවසන්නේ, වෙස්සන්තර රජතුමා ජීවත් වූ
ගුහාව එතුමා දුටු බවයි.
521 ඒ.ඩී වර්ෂයේදී සන්යුන් විසින් තහවුරු කිරීම
518 ඒ .ඩී වර්ෂයේදී ඉන්දියාවට පැමිණි සන්යුන් 521 ඒ.ඩී. දී ආපසු ගියේය.
එතුමා විසින් මේ කතාව නැවතත් තහවුරු කරන ලදී. මෙය හියුංසෑන් එන්නට
අවුරුදු 100කට පෙරය.
බ්‍රාහ්මණයකු ලෙස රටින් පිටව ගිය වෙස්සන්තර රජු වාසය කළ ගල් ගුහාවද,
වාඩි වී සිටි විශාල ගල් තලාවද තමා දුටු බව සංයුං කියයි. මහ රහත්
උපගුප්ත භික්ෂූන් වහන්සේ විසින් පෙන්වන ලදුව, ධර්මාශෝක රජතුමා විසින්
එහි සිහිවටනයක් ඉදිකළ බවද කියයි. ප්‍රසිද්ධ සුදු ඇත් රජාගේ පන්සලද ඒ
අසල තිබූ බව කියයි. වෙස්සන්තර රජතුමා, දරුවන් දෙදෙනා ජූජක බමුණාට
දන්දෙන පින්තූරයක් තිබුණු බවද ඒ පින්තූරය දුටු ටාර්ටර්වරු හැඬූ බවද
කියයි.
දරුවන් දන්දුන් වෙස්සන්තර රජතුමා
බුද්ධත්වයට පෙර එතුමාගේ අවසාන ආත්මභාවය වෙස්සන්තර රජුය.
තුසිත දෙව්ලොව ඉපදීමට හා බුද්ධත්වයට පෙර එතුමාගේ අවසාන ආත්ම භාවය
වෙස්සන්තර රජුව වැඩ සිටි ආත්ම භාවයයි.
එතුමා නැවත සිද්ධාර්ථ නමින් ඉපදී ගෞතම නමින් බුදු වූ සේක.
ඉක්බිති මනුෂ්‍ය වර්ගයාට නිර්වාණ මාර්ගය, පහදාදීමේ ශක්තිය උන්වහන්සේට
තිබිණි.
ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක වාර්තා, සෙන්පති කනින්හැම් විසින් ප්‍රකාශයට
පත්කර ඇත. එතුමා විසින් සොයා ගන්නා ලද සිවි රටට ආසන්නයෙහි ගුහාවෙහි
සැලැස්මද එහි අඩංගුය.
මිනිසා වඳුරාගෙන් ප්‍රාදුර්භූතව, වසර ගණනකින් වර්ධනය වූ බැව් කියන මතය,
මෙයින් සම්පූර්ණයෙන්ම බැහැර කෙරේ.
ඉතා කුඩා ළමයෙක්, අඬමින් ලෝකයට පිවිසෙයි. වැඩුණු මිනිසකු ලෙස මරණයට
මුහුණ පා අඩමින් මේ ලෝකයෙන් බැහැර වෙයි.
වසර 5000 සිට 2500 අතර කාලයේ වූ බෞද්ධ දර්ශනයද මහා භාරතයද කිය වූ ඕනෑම
පුද්ගලයකු මිනිසා සංවර්ධනය වෙමින් ඉදිරියට යන්නේ ද නැතහොත් දිනෙන් දින
වාතර බවට පත්වන්නේ දැයි දැනගත හැකිය. |