ලෝක ආර්ථික අර්බුද පිළිබඳබෞද්ධ විග්‍රහය
රුහුණු විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ
අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය බෙලිගල්ලේ
ධම්මජෝති හිමි
19 වන සියවසේදීත් 20 වන සියවසේදීත් විද්‍යාව හා තාක්‍ෂණය විසින්
දැවැන්ත ජවයක් මිනිස් සමාජයේ ප්‍රගමනය කෙරෙහි ලබාදී ඇත. එයින් සමාජය
තුළ පුදුම සහගත වෙනස්වීම් සිදුවිය. ගුවන්විදුලිය, රූපවාහිනිය, රැහැන්
රහිත දුරකථනය ඉතා දුර ප්‍රදේශ සමීප කළ අතර මිනිස් සම්බන්ධතා ද සමීප
කරනු ලැබීය.
ස්වර්ණමය යුගය
තාක්‍ෂණික ජවයත් සමග කර්මාන්ත දියුණු විය. එයි ප්‍රතිඵලය වූයේ මිනිස්
ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා බොහෝ දේ නිපදවීමයි. බොහෝ භාණ්ඩ නිෂ්පාදනය
මඟින් බලාපොරොත්තු වූයේ සමාජය තුළ “ ස්වර්ණමය යුගය”
(Golden Age) කි.
එසේ නැතහොත් සියල්ලෙන් සපිරුණු පාරාදීසය
(Paradise) කි. එහෙත්
තාක්‍ෂණය , නිෂ්පාදන බලවේග හා ධනවාදී සමාජ රටාව හා ප්‍රාර්ථනාවන් අතර
ගැටුම් හටගන්නට විය.
අධික නිෂ්පාදනය
වරෙක ඇමරිකා එක්සත් ජනපදය ඉතා ඉහළ සමෘද්ධියකට පත් විණ. එම සමෘද්ධිය වඩ
වඩාත් ඉහළ යෑමේ ප්‍රතිඵලය වූයේ ධනවාදී අවශ්‍යතාවන් සඳහා සැලසුම් විරහිත
ක්‍රමවේද ආරම්භ වීමයි. කර්මාන්ත වල වර්ධනයත් සමග අති ශීඝ්‍ර ආර්ථික
සමෘද්ධියක් ඇතිවීමෙන් කවුරුත් වඩ වඩාත් නිෂ්පාදනය කිරීමේ තරගයකට
අවතීර්ණ වූහ. මෙම තෘෂ්ණා භරිත බවේ අනිටු ප්‍රතිඵලය වූයේ ගබඩා පිරී
ඉතිරී යාමෙන් අර්බුදයක් ඇති වීමයි.
අධික ලෙස නිෂ්පාදිත භාණ්ඩ වෙළෙඳ පළට පැමිණියද මිලදී ගැනීමේ ශක්තිය
පිළිබඳ ගැටලුව නිසා නිෂ්පාදිත භාණ්ඩ ගොඩ ගැසීමේ තත්ත්වය නිසා වෙළෙඳාම
තර්ජනයකට ලක්විය. එහි ප්‍රතිඵලය වූයේ ඇතැම් කර්මාන්ත වසා දැමීම සහ
ඇතැම් නිෂ්පාදන විනාශ කර දැමීමයි.
මේ අනුව ඇතැම් රටවල තිරිඟු වැනි ආහාර පවා විනාශ කරන ලදී. 1931 දී
බ්‍රසීලය නිපද වූ රාත්තල් 132 ක් බර කෝපි බෑග් එක් කෝටි හතළිස්
ලක්‍ෂයක් (1,40,00000) විනාශ කරන ලදී. අධික නිෂ්පාදිත යනු සැලසුම් රහිත
ක්‍රම හා තෘෂ්ණාවේ ප්‍රතිඵලයයි. නිෂ්පාදිතය වැනසීම මෝහයේ ප්‍රතිඵලයයි.
කාර්මීකකරණය
කාර්මීකරණයේ උදාවත් සමග ඇති වු තාක්‍ෂණය
(Technology) මගින් යුරෝපයේ හා
ඇමරිකාවේ දරුණු රැකියා හිඟයක් ඇති කරන ලදී. එයින් ඇති වූයේ ස්වර්ණමය
යුගයක් නොව විපර්යාස වූ ලෝකය (Topsy - turvy
world) කි. අවශේෂ
ලෝකයාගෙන් හුදකලා වූ භූතානය, තිබ්බතය වැනි රටවල් මෙම දුෂ්කර තත්ත්වයෙන්
මිදී සිටියේය. උග්‍ර විරැකියා ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලෙස යැපීම්
දීමනාවක් (Subsistance allowance) දීමට යුරෝපා සමාජය තීරණය කළේය.
ලෝක යුද්ධ
ලෝක ආර්ථික අර්බුද ඇති වී ඇත්තේ ජනතාවට අවශ්‍ය දේ නිපදවීමට පෘථිවිය ඉඩ
මදි නිසා නොවේ. සියලු සමාජ ආර්ථික අර්බුද වල මූල හේතුව තෘෂ්ණාව, ද්වේෂය
හා මෝහය යි. පෘථිවි සම්පත් අසාධාරණ ලෙස බෙදී යාම සියලු සමාජ,
අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට හේතුවයි. ලෝක ආර්ථික අර්බුද වලට තවත්
ප්‍රකට මූලහේතුවක් නම් නිරන්තර යුද්ධ කටයුතුය. ලෝක යුද්ධයට පෙර ඒ ඒ
රටවල මුදල්වල ස්ථාවර අගයක් තිබුණි.
ඉතාලියේ ලීරා, ඇමරිකාවේ ඩොලර් , රුසියාවේ රූබලය, ජර්මනියේ මාර්ක්
ප්‍රංශයේ ප්‍රෑන්ක් , එංගලන්තයේ පවුම , ඉන්දියාවේ රුපියල යන මෙම මුදල්
ඒකක අන්තර්ජාතික රන් මිල මත එකිනෙකට ස්ථාවර සම්බන්ධතාවක තිබුණි. නමුත්
ලෝක යුද්ධ නිසා අන්තර්ජාතික මුදල් ආර්ථිකයේ උද්ධමන තත්ත්වයක් ඇති විය.
යුද්ධය නිසා ලෝකයේ කඳවුරු දෙකක් බිහිවිය. එනම්
මිතුරු කඳවුරු - (Allied Camp) හා
ජර්මන් කඳවුරු - (German Camp) වශයෙනි. මෙසේ ලෝක යුද්ධය විවිධ ජාතීන්
අතර අන්‍යෝන්‍ය අවිශ්වාසය ඇති කරන ලදී. එසේම මුදල්වල ඉතා අස්වාභාවික
සංසරණ රටාවත් නිසා යුරෝපයේ කරදරකාරී සමාජ වටපිටාවක් නිර්මාණය විය. සමාජ
විශ්වාසයන් බිඳ වැටුණි. සමාජයේ සාරධර්මයන්ද බිඳ වැටුණි.
අද ලෝකයේ එක් රටක පවතින සමාජ, ආර්ථික අර්බුද වෙනත් රටවලටද බලපෑම් කරයි.
එක් රටක ආර්ථික අර්බුදය තවත් රටක සමාජ හෝ දේශපාලන අර්බුදයකට හේතු වේ.
බෞද්ධ විසඳුම්
අන්තර්ජාතික ආර්ථික අර්බුද වලට විසඳුම් තිබිය නොහැකි යැයි කෙනකුට තර්ක
කළ හැකිය. එහෙත් එය සාවද්‍ය මතයකි. සියලු අර්බුද වලට විසඳුම ඇත්තේ
සදාචාර ගුණධර්ම මතය.
රාෂ්ට්‍රීය සමාජ මේ ආර්ථික අර්බුද වලට ඉතා හොඳ විසඳුමකි. “ සහසුඛී
සහශෝකී ආකල්පය “ එකට සැප දුක බෙදා හදා ගැනීම විපතකදී උපකාර වීම සහසුඛී
සහශෝකී ධර්මතාවයි. එවිට රටවල් අතර යුද්ධ ඇතිවන්නේ ද නැත.
අධිරාජ්‍යවාදී ආකල්ප
ලෝක සමාජය සුඛිත මුදිත කිරීමට අවශ්‍ය වන්නේ අධිරාජ්‍යාවාදී ආකල්ප නොව
සමානාත්මතාවාදී ආකල්පයන්ය. දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, හා
සමානාත්මතාව මිනිසා, මිනිසා ලෙස දැකීමට උපකාරී වන සදාචාර ගුණධර්මයන් ය.
සමාජ - ආර්ථික අර්බුද වලට පාදක වන තරගකාරීත්වය පිටුදැකීම හා සහයෝගීතා
මූලධර්මය වර්ධනය කිරීම බලවතුන්ගේ ප්‍රයත්නය විය යුතුය. අධිරාජ්‍යවාදී
ආකල්ප යුද්ධයට , ද්වේෂයට හා සමාජ පරිහානියට හේතුවේ.
උබ්බාහිකා සම්ප්‍රදාය
පෞරාණික බෞද්ධ භික්‍ෂු සමාජය තුළ ඇති වූ සියලු ගැටලු නිරාකරණය කෙළේ
උබ්බාහිකා (Jury Committee) සම්ප්‍රදාය මගිනි. නූතන රාෂ්ට්‍රීය
අර්බුද වලට හෝ අන්තර්ජාතික ආර්ථික අර්බුද වලට ද උබ්බාහිකා සම්ප්‍රදාය
හෙවත් කමිටු සභා පිහිටුවා තීරණ ගැනීම අතිශයින්ම බුද්ධිමත් ක්‍රමයකි.
බොහෝ අර්බුදකාරී අවස්ථාවලදී “ මහජන මතය” (Vox
Populi) විමැසීම ද කළ
යුතු කාර්යයකි. අර්බුද වලින් මිදීමට සැලසුම් සකස් කළ යුත්තේ මහජන මතය
හා කමිටු, සභා තීරණ පරීක්‍ෂාවෙන් අනතුරුවය.
අත්‍යවශ්‍ය දේ
ලෝක ආර්ථික අර්බුද අවම කර ගැනීමට අත්‍යවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමත්,
අනවශ්‍ය දේ නිෂ්පාදනය නොකිරීමත් උපකාරී වේ. අනවශ්‍ය දේ නිපදවා මිනිස්
සිතට එහි අවශ්‍යතාව ඇති කරවීම වර්තමාන වෙළෙඳ ලෝකය විසින් කෙරෙන
කාර්යයකි. ලාභයෙන් ලාභය සොයා යන එම ප්‍රතිපදාව සාමකාමී, නිරෝගි සමාජ
පැවැත්මට බාධාවකි. අනවශ්‍ය දේ නිපදවීම එක් අතකින් පරිසර සම්පත් ද විනාශ
කර දැමීමකි. එහෙයින් ලෝකයට ගැලපෙන්නේ අන්තගාමී ආර්ථික ප්‍රතිපදා නොව
මධ්‍යම ප්‍රතිපදා ආර්ථික සම්ප්‍රදාය (Middle -
Way Economy) යි.
ලෝක දරිද්‍රතාව
ලොව ඇතැම් දියුණු රටවල යුද්ධය සඳහා අවශ්‍ය අතිනවීන , සූක්‍ෂම යන්ත්‍ර
සූත්‍ර, ප්‍රහාරක යානා, යුද අවි නිපදවීම නිරන්තරයෙන්ම සිදුකෙරේ.වසරක්
තුළ එක් රටක සෞඛ්‍ය අධ්‍යාපන හා ශුභ සාධක පිරිවැයට සමාන මුදලක්
ඇතැම්විට එක් යුද අවියකට වැය කරනු ලැබේ. එබඳු තත්ත්වයක් තුළ ලෝක ආර්ථික
අර්බුද හෝ ලෝක දරිද්‍රතාව දුරලිය නොහැක.
පාරිසරික අර්බුද
සොබා දහමේ ධර්මතාව ගැන නොතකා සිදු කෙරෙන පරිසර සම්පත් විනාශය ලෝකයේ
විවිධ අර්බුද වලට හේතුවන කාරණයකි. පාරිසරික අර්බුද යනු ලොව සියලු
ජීවින්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයයි. පරිසරය බිඳවැටීම නිසා දේශගුණික
විපර්යාසයන්ද එම නිසා ලෝක ආර්ථික ගැටලු වඩ වඩාත් සංකීර්ණ වීමද
වැළැක්විය නොහැකිය. එහෙයින් සොබා දහම පිළිබඳ බුදුසමයේ ඉගැන්වෙන “ මාතෘ
ආකල්පය “ පරිසර සම්පත් රැක ගැනීමට ද උපකාරී වේ. |