බුදු දහම විමසා බැලීම
සම්මානී මහාචාර්ය,
ටී.එස්. අබේවික්‍රම
බුදු දහම හැර අනෙක් සියලුම ආගමික දේශනා කිසිදු විමසා බැලීමකින් තොරව
තර්ක විරහිතව අවිවාදයෙන් හා අන්ධ භක්තියෙන් පිළිගෙන විශ්වාස කිරීමට
යොමු කෙරේ. බුදුහිමියන් වදාළේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී
සද්ධර්මය විමසා බලා, තමතමන්ගේ සිත්වලට එකඟවේ නම් පමණක් පිළිගත යුතු
බවය. ‘පඤ්ඤුවන්තස්ස අයං ධම්මො’ යනුවෙන් උන්වහන්සේ වදාළේ උන්වහන්සේ
දේශනා කළ ධර්මය විමසා බැලීමේ හැකියාව ඇති ප්‍රඥාවන්තයින් සඳහා පමණක් වන
බවය.
බුදු හිමියන් අනුදැන වදාළ නිදහස් චින්තනය හා විමර්ශනය පිළිගෙන සිටි
අනුබුදු මිහිඳු මාහිමියන් පොසොන් පුර පසළොස්වක් පොහෝදිනක අනුරපුර
මිස්සක පව්වේදී දේවානම්පියතිස්ස නරනිඳුන් මුල්වරට මුණගැසුණි.ඒ
අවස්ථාවෙහි ඒ නරනිදුන්ට බුදුදහම දේශනා කළේ ද බුදුදහම අවබෝධ කර ගැනීමට
තරම් හේතු සම්පත් හා ප්‍රඥා සම්පත් ඇත්දැයි සරල හා ප්‍රායෝගික බුද්ධි
පරීක්‍ෂණයකින් මනාකොට විමසා බැලීමෙන් පසුවය.
දේවානම්පියතිස්ස නරනිඳුන්ගේ බුද්ධිය විමසා බැලීම සඳහා මිහිඳු මාහිමියො
සරල ප්‍රශ්නෝත්තර මාලාවක් යොදා ගත්හ. “මහරජ මේ ගස කුමක්ද? අඹ ගසකි
හිමියනි. මේ අඹගස් හැර තවත් අඹගස් ඇද්ද මහරජ? එසේය හිමියනි. එම අඹ ගස්
හැර වෙනත් ගස් ඇද්ද මහ රජ? එසේය හිමියනි. එම අමතර අඹ ගසුත් ඒවාට වෙනස්
ගසුත් හැර තවත් ගස් ඇත්ද මහරජඞ එසේය හිමියනි. ඇයි මුලින් කී මේ අඹගස.”
දේවානම්පියතිස්ස මහරජුගේ අවසාන උත්තරයෙන් පැහැදිලි වන්නේ මිහිඳු
මාහිමියන්ගේ ප්‍රශ්නමාලාවේ මුල සිට අග දක්වාම හොඳ සිහිකල්පනාවෙන්
නොහොත් සතිසම්බොජ්ඣංගයෙන් හා ධම්මවිචය සම්බොජ්ඣංගයෙන් යුක්තව සිටි බවය.
මුල්ම ප්‍රශ්නයට මුල් වූ අඹගස ප්‍රශ්නමාලාව අවසානයේදීත් රජතුමාට අමතක
නොවුයේ එහෙයිනි.
බුද්ධි පරීක්‍ෂණයෙන් සමත් වූ මහ රජුට මිහිඳු මාහිමියන් පළමුවෙන්ම දේශනා
කළේ ධර්මය විමර්ශනය කිරීම නොහොත් බුදු දහම විමසා බැලීමේ බුද්ධ න්‍යාය
කියාපාන දේශනයක් වන මජ්ඣිම නිකායේ සඳහන් චූළහත්ථි පදෝපම සූත්‍රයයි.
බුදු දහම විමසා බැලීම යනු ඒ පිළිබඳව සැක කිරීම යන විචිකිච්ඡාව නොවේ.
එහි ඇත්ත නැත්ත ප්‍රත්‍යක්‍ෂ ලෙස සොයා බැලීමය. බුදුදහම පමණක් නොව ඒ දහම
දෙසූ බුදුන් ද ඇත්ත වශයෙන්ම නියම බුදු කෙනකුදැයි විමසා බැලිය යුතු බවය.
මජ්ඣිම නිකායේ එන විමංසක සූත්‍රයෙන්ද කියවෙන්නේ එහි එන විමංසකෙන
භික්‍ඛවෙ භික්‍ඛුනා තථාගතො සමන්නෙසනා ඤාතබ්බා ‘සම්මාසම්බුද්ධො වා නො
වා’ ති විඤ්ඤාණයාති’ යන බුද්ධානු ශාසනාවෙන් කියවෙන්නේ තථාගතයන් සම්මා
සම්බුද්ධ නැද්ද යන්න පවා විමසා බැලිය යුතු බවය.
‘ද්විසු ධම්මෙසු තථාගතො සමත්නෙසිතබ්බාඞ චක්ඛුසොතවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු’
යන බුද්ධානුශාසතාවෙන් කියවෙන්නේ ඇසට පෙනෙන දේ අනුවත් කනට ඇසෙන දේ
අනුවත් බුදුන්ට ක්ලේශ ධර්මයත් ඇත්දැයි විමසා බැලිය යුතු බවය.
මෙයින් පෙනී යන්නේ ඇසට පෙනෙන දේ සහ කනට ඇසෙන දේ අනුව යමක් නිදහසේ විමසා
බලා තේරුම්ගත යුතු බවය. මෙසේ බුදුහිමියන්ව පවා ප්‍රත්‍යක්‍ෂයන් ඇසුරෙන්
විමසා බැලිය යුතුය යන්නෙන් කියවෙන්නේ බුදුදහම කෙතරම් දුර අන්ධ
භක්තියෙන් තොරවූවක්ද යන්නයි.
අංගුත්තර නිකායේ එන කාලාම සූත්‍රයෙන් කියවෙන්නේ සැකකටයුතු දේ සැක කිරීම
හා විමසා බැලීම යුක්ති සහගත බවය. යමක් පිළිගත යුත්තේ ද විමසා බැලීමේ දී
තමන්ගේ සිතට එකඟ වේ නම් පමණක් බවය.
තමන්ගේ දේශනා මෙතරම් පැහැදිලිව විමසා බැලීමේ පූර්ණ නිදහසක් තමන්ගේ
ශ්‍රාවකයන්ට දුන් වෙනත් කිසිම ශාස්තෘවරයකු ලෝක ඉතිහාසයෙහි සඳහන් නොවේ ඒ
අතින් ලොවුතුරා බුදුහිමියෝ අද්විතීය වෙති.
ුදු හිමියන් විසින් උන්වහන්සේගේ දේශනාවල සත්‍යාසත්‍යාව විමසා බැලීම
සඳහා දී ඇති පූර්ණ නිදහස භාවිතා කරමින් වාර්තාගත වූ බුද්ධ දේශනා විමසා
නොබලා ඒවා අන්ධ භක්තියෙන් පිළිගන්නා අය නියම බුද්ධ ගෞරවය ඇත්තෝ නොවෙති.
ගෞරවය යනු ගුරු බවට පත්කර ගැනීමය. ගුරු අනුශාසනා අනුව ක්‍රියා කිරීමය.
එම නිසා බුදුහු දෙසුහයි වාර්තාගත වී ඇති බණ ගැඹුරින් විමසා බැලීම
බුදුනට දක්වන නියම ගෞරවය වේ.
බුද්ධ දේශනා පිළිබඳ බොහෝ දෙනාගේ දැනුම ඒ දේශනාවල සම්මුති අර්ථයට නොහොත්
විච්‍යාර්ථයට පමණක් සීමා වී ඇත. ‘පඤ්ඤවත්තස්ස අයං ධම්මො’ යන බුද්ධ
ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එම දේශනා ඒවායෙහි ව්‍යංගාර්ථ නොහොත් පරම
අර්ථයන් අවබෝධ කරගත හැකි ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වූවන්ට පමණක් බවය.
එම නිසා බුද්ධ දේශනා තේරුම් ගත හැක්කේ සම්මුති අර්ථයන් නොහොත් වාචාර්ථ
ඉක්මවා ගිය ව්‍යංගාර්ථ නොහොත් පරම අර්ථ වටහා ගත හැකි විනිවිද දක්නා
නුවණක් ඇත්තන්ට පමණි.
පන්සිල්පද ආරම්භයේ එන ‘පානාතිපාතා’ යන්නෙහි සම්මුති අර්ථය සතුන්
මැරීමයි. එහෙත් එහි ව්‍යංගාර්ථය ප්‍රාණ අතිපාතය නොහොත් ප්‍රාණශක්තිය
නමැති චිත්ත තේජස අතිපාතයට පත්වීමයි. එමගින් සිදුවන්නේ චිත්ත තේජසේ
තාපය නොහොත් චිත්ත විද්‍යුත් තාපය රත්වීම වැඩිවී ද්වේශ මට්ටමට නැගීමයි.
දෙවෙනි සිල්පදයේ එන “අදින්නාදානය” යන්නෙහි සම්මුති අර්ථය හොරකම වූවත්
එහි ව්‍යංගාර්ථය නොදුන් දේ නොහොත් නොලැබුණු දේ සිතෙන් අදින ලෝභ මට්ටමට
සිතේ විද්‍යුත් කාන්දම් ශක්තිය පත්කරගැනීමයි.
“බුද්ධං සරණං ගච්ඡාමි” යන සරණාගමන පාඨයෙහි වාච්‍යාර්ථය පිරිනිවන් පා
ඇති බුදුන්ගේ සිතෙන් ගතෙන් හා වචනයෙන් බුද්ධ චර්යාවට පත්වීමයි. සම්මා
සම්බුද්ධ හෝ ප්‍රත්‍යෙක බුද්ධ හෝ ශ්‍රාවක බුද්ධ ස්වරූපයෙන් හැසිරීමයි.
චරණ යන්නෙන් නිපන් සරණ යන්නෙහි තේරුම හැසිරීම යන්නයි.
බුද්ධ දේශනාවල වාච්‍යාර්ථය සාමාන්‍ය බුද්ධි මට්ටමකින් යුක්ත සාමාන්‍ය
ජනයාවයි. ඒවායේ ව්‍යංගාර්ථ බුද්ධිය මුහුකුරා ගිය බුද්ධිමතුන් සඳහායි.
සාමාන්‍ය ජනයා ප්‍රශ්න කිරීමකින් තොරව ශ්‍රද්ධා භක්තියෙන් හා අචල
විශ්වාසයෙන් බුද්ධ දේශනා පිළිගත්තත් ඒවා විමසා බැලීමේ හැකියාව
බුද්ධිමතුන්ට නොහොත් ප්‍රඥාවන්තයින්ට ඇත.
විමර්ශනය නොහොත් විමසීම යනු ඉහතකී පරිදි විචිකිච්ඡාව නමැති සැක කිරීම
නොවේ. විච්කිච්ඡාව අකුශල ධර්මයකි. එහෙත් විමර්ශනය නොහොත් විමසීම කුශල
ධර්මයකි.
බෝධියේ අංගයක් නොහොත් බෝධ්‍යාංගයකි. ධම්මවිචය සම්බෝජ්ඣංගසේ ලක්‍ෂණය
ධර්ම විමර්ශනයයි. විමංසා ඉද්ධිපාදයෙහි ලක්‍ෂණයද ධර්ම විමර්ශනයයි. ධර්මය
විමසා බැලීමයි.
ධර්මය විමසා බැලීම ප්‍රඥාව මුහුකුරා යෑමේ ලක්‍ෂණයකි.
සියලුම ධර්මයන් ඇත්තේ බඹයක පමණ සිරුරක් ඇති අප තුළම නිසා සැබෑ ධර්ම
විමර්ශනය යනු අප ගැනම විමසා බලන ආත්ම විමර්ශනයකි. තමන් පිළිබඳව පූර්ණ
අවබෝධයක් තමාටම ලබාගත හැක්කේ එවිටය.
බුද්ධ යන්නෙහි වාච්‍යාර්ථය අවබෝධ වූ තැනැත්තා යන්න වුවත් ඉන් ලැබෙන්නේ
පූර්ණ ආත්මාවබෝධයක් ලැබූ තැනැත්තා යන තේරුමයි. මුළු චතුරාර්ය සත්‍යයම
ඇත්තේ තමන් තුළ නිසා තමන් ගැන පූර්ණ අවබෝධයක් ලැබීම යනු චතුරාර්ය
සත්‍යය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබීමය.
සංයුත්ත නිකායේ එන රෝහිතස්ස සූත්‍රය අනුව මුළු චතුරාර්ය සත්‍යයම ඇත්තේ
බඹයක පමණ ශරීරයක් ඇති අප තුළමය. එහෙයින් අපව අවබෝධ කර ගැනීමෙන්
චතුරාර්ය සත්‍යයද අවබෝධ කර ගත හැක්කේ.
අපට අප ගැන පූර්ණ ආත්මාවබෝධයක් ලැබිය හැක්කේ අපගේ සියලුම කායික වාචික
හා චෛතසික ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටීමෙනි. එසේ අප ගැන
නිරතුරුවම විමසා බැලීමෙනි. නිවන් දැකීමට ඇති ඒකායන මාර්ගය ලෙස
බුදුහිමියන් පෙන්නා දී ඇති සතර සතිපට්ඨානයෙන් කෙරෙන්නේ මෙයයි. අපගැන
නිරතුරුවම විමසා බැලීමයි.
අපට අප ගැන හරිහැටි විමසා බැලිය හැක්කේ අපක්‍ෂපාතීව නොහොත්
අපක්‍ෂග්‍රාහීව සිටීමෙනි. අපේ හොඳ ගැන කැමැත්තක් හෝ අපේ නරක ගැන
අකමැත්තක් හෝ නැතිව මධ්‍යස්ථ වී උපේක්‍ෂා සහගතව සිටීමෙනි.
අපගේ හොඳ නරක දෙකම යථාර්ථවාදීව යථාභූත ඤාණදස්සනයෙන් යුතුව
පිළිගැනීමෙනි. එවිටය අප පිළිබඳව ඇත්ත ඇති සැටියත් අපට දැනගත හැකි
වන්නේ. |