සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිහිපත්
කෙරෙමින් ජපානයේ කියොතෝ නුවර අගොන්ශු විහාරයේ පැවැති ආගමික
උත්සව කිහිපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
විශේෂ දූත පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා අගොන්ශු
මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් රෝහණකීර්ති ශාසන බන්ධු
දේශමාන්‍ය සෝමසිරි ඒ. පතිරණ මහතාගේ මෙහෙයවීම මත එම චාරිකාව
සිදු කෙරිණි. මීට සහභාගි වූ දූත පිරිස කියොතෝ නුවර නිල
ආරාමයේදී අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියමා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාව මෙම ඡායාරූපයෙන්
දැක්වේ. (වමේ සිට) සෝමසිරි ඒ. පතිරණ, මාකඳුරේ සිරිරතන
හිමි, අගොන්ශු මිත්‍රත්ව පදනමේ ගාලු දිස්ත්‍රික්
සම්බන්ධීකරණ නිලධාරි බැදිගම නන්දසිරි හිමි, සෙයියු කිරියමා
මහනාහිමි, බෝපිටියේ විජිත නාහිමි, ශාස්ත්‍රපති ඌරුගමුවේ
අස්සජි හිමි හා නඹකෝ වදා ලේකම්තුමිය ද ඡායාරූපයේ වෙති. |