අත්තනගලු රජ මහා විහාරයේ පින්කම්
රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් චීනයේ භූමි කම්පාවෙන් සහ
බුරුමයේ සුළි සුළඟින් මරණයට පත් පිරිසටත් ක්‍රියාන්විතයේ යෙදී සිටින
අපේ රණවිරුවන්ටත් මෙරට මෙන්ම චීනයේ සහ බුරුමයේ නොබෝදා ඇති වූ ස්වාභාවික
විපත්වලින් පීඩාවට පත් සැමට සෙත් පතා රටට සාමය පතා අත්තනගල්ල රාජ මහා
විහාරයේදී විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ගේ්
සංවිධානයෙන් සහ අනුශාසකත්වයෙන් මෙම 18 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ
ධර්ම දේශනාවක් පැවැත්වේ.
එදින සවස 6 ට අට විසි බෝධි පූජාවක්ද රාත්‍රී 8 ට වැලමිටියාවේ කුසලධම්ම
නාහිමියන්ගේ දහම් දෙසුමක්ද පැවැත්වේ.
ජුනි 14 වැනිදා 200 නමකට සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විණි . |