යුද්ධය හා සාමය පිළිබඳ
බෞද්ධ දෘෂ්ටිය
ඩෙන්මාර්කයේ කෝපන්හේගන්
බෞද්ධ විහාරාධිපති,
ශාස්ත්‍රපති
කිරිඳිගල්ලේ ඤාණරතන හිමි
යුද්ධය යන වදන කන වැටෙත්ම භයානක බව, දරුණු බව භීතිය, සංකාව ආදී විවිධ
සිතිවිලි සිතට ගලා එනු ඇත. යුද්ධය වූ කලී අති බිහිසුණු ය. මිලේච්ඡ ය.
විනාශකාරී ය. ශිෂ්ටසම්පන්න ලෝකයා මොන යම් ආකාරයක හෝ යුද්ධයක් අනුමත
නොකරති. යුද්ධයකින් තොරව සාමයක් ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න අද ලෝකය
ඉදිරියේ කථාවට, සාකච්ඡාවට භාජනය වී ඇති ප්‍රධාන මාතෘකා වලින් එකකි.
දකින බලන හැම තැනකම පාහේ යුද්ධමය සේයා දක්නට ලැබේ. මෙවැනි වාතාවරණයක්
තුළ යුද්ධය කෙරෙහි හා සාමය කෙරෙහි බෞද්ධ දෘෂ්ටිය කෙබඳු දැයි පහදා ගැනීම
වැදගත් කොට සලකමු.
බුදු සමය යුද්ධය බැහැර කරන්නේ පරපණ නැසෙන නිසයි. මනුෂ්‍ය, සත්ව හා
වෘක්‍ෂ ආදිය මහා පරිමාණ වශයෙන් විනාශ වීම පදනම් කොට ගෙන බුදු සමය
යුද්ධය හෙළා දකී. පිටු දකී. එක් පුද්ගලයෙක් කරනු ලබන සදාචාර විරෝධී
ක්‍රියාවන් කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරන බුදු සමය තුළ යුද්ධයකට
ඉඩක් කොතනකවත් නැත.
බුද්ධ කාලයේ දී පවා යාග හෝම උදෙසා සතුන් මැරීම බුදුරදුන් දැඩි පිලිකුලට
ලක් කළහ. සුත්ත නිපාතයෙහි සඳහන් බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී,
නප ද්‍රන විනාසෙන නස්සු හිංසති කෙනචි
ගාවො ඵලක සමානා - සොරනා කුම්භදූහනා.....
යනුවෙන් සතුන්ට හිංසා කරන සිතක පහළ වන කෘරකම සංසාරය පුරාවට ඵල විපාක
ලබා දෙන්නෙක් බව කියැවේ.
යුද්ධය පිළිබඳ බෞද්ධ දෘෂටි කෝණය කුමක්ද යන්න පහදා ගැනීමේදී ත්‍රිපිටකයේ
සූත්‍ර ගණනාවක්ම පරිශීලනය කළ යුතු ය. එහිදී ඉතා වැදගත් වන සූත්‍ර දෙකක්
ලෙස සංයුක්ත නිකායෙහි එන පඨම සංගාම සූත්‍රය හා දූතිය සංගාම සූත්‍රය
වැදගත් වේ. මෙහිදී කොසොල් රජතුමා හා අජාසත්ත රජතුමා අතර ඇති වූ යුද්ධ
දෙකක් පිළිබඳ සඳහන් වේ. මෙහි ප්‍රථම සූත්‍රයේ දී කොසොල් රජුට අයත් කාසි
දේශය අජාසත්ත රජු විසින් ආක්‍රමණය කරන අයුරුත් අනතුරුව කොසොල් රජු පසු
බැස සැඟ වී සිටි ආකාරයත් සඳහන් වේ. මේ සිද්ධිය භික්‍ෂූන් දම්සභා
මණ්ඩපයේ දී සාකච්ඡා කළ අතර බුදුන් වහන්සේ එහිදී දේශනා කරනුයේ
ජයං වේරං පසවති – දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති – හිත්වා ජය පරාජ්යං.....
ජය ලැබීම වෛර ඇති කරන බවත් පරාජය ඇත්තාට සතුටින් දිවි ගෙවිය නොහැකි
බවත් ය. මෙහිදී මේ වදන බුදු මුවින් පිට වනුයේ කොසොල් රජු ගැන සිතා
නොවේ. යුද්ධයේ ඇති භයංකර බව මැනවින් වටහාගෙන සිටි නිසා ය. තවත් වරකදී
අජාසත් රජු සහ කොසොල් රජු අතර හට ගත් යුද්ධයකදී අජාසත් රජු පැරදී ඔහුගේ
සිවු රඟ සෙනඟ සිර භාරයට ගන්නා සතුටින් කොසොල් රජුගෙන් අජාසත්තට නිදහස
ලැබෙන බව ප්‍රකාශ වේ. මෙහිදී බුද්ධ දේශනාව වනුයේ “අනුන් ඝාතනය කරන්නා
පිටු පස ඝාතනය හබා එන බවයි.” පරදින්නා පිටු පසද ජය පැමිණෙන බවයි. මෙම
බුද්ධ වචනය ආශ්‍රයෙන් පැහැදිලි වන කාරණය වන්නේ ජය පරාජය කියා දෙයක්
නැති බවයි. ජය ගන්නා තුළ පරාජයේ බීජ රෝපණය වේ. පරදින්නා තුළ ජයග්‍රාහී
බීජ ජනිත වේ.
බුදු දහමට අනුව යුද්ධයට හේතුම මිනිස් හිතේ පවත්නා අතෘප්තිකර ස්වභාවයයි.
බුදු දහම මෙම “කාමය” අර්ථයෙන් පෙන්වා දී ඇත. මහා දුක්ඛකන්ද සූත්‍රයේදී
කාමයෙහි ආදීනව මෙසේ පෙන්වා දී ඇත. “නැවතද මහණෙනි, කාමයන් හේතුකොට ගෙන,
කාමයන් නිදාන කොට ගෙන, කාමයන් කර ණකොට ගෙන, කාමයන්ගේ හේතුවෙන් රජවරු,
රජවරු සමඟ විවාද කරති. ගෘහපතියෝද ගෘහපතියන් සමඟ විවාද කරයි. මවද පුතා
සමඟ විවාද කරයි. පුතාද මව සමඟ විවාද කරයි. පියාද පුතා සමඟ විවාද කරයි.
පුතාද පියා සමඟ විවාද කරයි. සහයකයාද සහයකයා සමඟ විවාද කරයි. ඔවුහු
එහිදී කෝලාහල විරුද්ධ කම් හා විවාද වලට පැමිණ ඔවුන්නොවුන් අතින් ද පහර
දෙති. කැට කැබලි වලින් ද පහරදෙති. පොලු වලින් ද පහරදෙති. ආයුධ වලින් ද
පහරදෙති. ඔවුහු එහිදී මරණයට සමාන දුකකට හෝ පැමිණෙති. මහණෙනි, මේ කාමයේ
ආදීනවයයි.
පි‍්‍රය බව කැමැත්ත හෙවත් ඡන්දයයි. මිනිසා ලොව ඇති දේ සාත අසාත වශයෙන්
අල්ලා ගනී. එසේ හඳුනා ගන්නේ පුද්ගලයා හා බාහිර ලෝකය අතර ගැටීම හේතුකොට
ගෙනය. එහි පදනම නාම රූපයි. මේ අනුව යුද්ධය පවතින්නේ පුද්ගල සන්නාය තුළ
මිස අන් කවර තැනකවත් නොවන බව පැහැදිලි ය. යුද්ධ විරහිත ලෝකයක් නිර්මාණය
කිරීමට නම් පුද්ගලාභ්‍යන්තරයේ පවත්නා යුද්ධය නිමා කළ යුතු ය. ලෝකයේ සෑම
දෙනාම පාහේ කලහකාරී ස්වභාවයක සිටිති. උදාහරණ ලෙස දක්වන්නේ නම් එය සිඳුණ
දිය කඩිත්තක සිටින මාළුවන් මෙනි. මෙහිලා අපගේ ප්‍රස්තූතයට තවත් අදාළ
අංශයක් ලෙස සංයුක්ත නිකායෙහි සක්ක සංයුත්තයද වැදගත් වේ. එහි මුල්
සූත්‍ර දෙකෙදී ශක්‍ර අණ පවා නොතකා යුද්ධයට සහභාගී නොවූ දෙවියෝ පැසසුමට
ලක් වේ. තුන්වන සූත්‍රය මෙහිදී කදිමට ගැලපේ.
“සැවැත් නුවර දී භික්‍ෂූන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” පැරැණි
දෙයකි. දෙවියන් හා අසුරයෙන් අතර සටනක් විය. එවිට වේපචිත්ත අසුරිඳු
අසුරයින් අමතා “නිදුක්වරුණි, මිත්‍රවරුනි, සුරාසූර සටනින් අසුරයින්
දිනුවොත් සූරයන් පැරදුණොත් සක් දෙවිඳුගෙල පස් වැනි වූ බස් බැඳු මෙන්
බැඳ අසුර පුර මාවෙත ගෙන ඒවි” කියා කීය. මහණෙනි, සක් දෙවිඳු තව්තිසා
වැසියන් අමතා, නිඳුක්වරුනි සුරා සුර සටනින් දෙවියන් දිණුවොත් අසුරයින්
පැරදුනොත් වේපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි වූ පස් පොළෙන් බැඳ සුදම්
සභාවෙහි ශක්‍රයා ළඟට ගෙනාහ. එහිදී චේපත්ති නොසරුප් ලෙස පරුෂ වචන කියා
සක් දෙවිඳුට නින්දා අපහස කරයි. එවිට මාතලී රියැදුරු සක් දෙවිදුගෙන්
මෙසේ අසයි. සක් දෙවිඳුනි, වේපචිත්තිගේ පරොස් බස් හමුවෙහි ඉවසා සිටින්නේ
බියෙන්ද? දුබල කමටද?
ක්‍රියා -
වේපචිත්ති ඉදිරියේ ඉවසන්නේ බියටවත් දුබල කමටවත් නොවේ. මා වැනි
නුවණැත්තෙක් දුබලයකු සමඟ කෙසේ සටන් කරන්නද වළකන්නෙකු නැතිනම් මෝඩයෝ
බෙහෙවින් භේද වෙති. එ බැවින් නුවණැත්තා දැඩි දඬුවමින් බාලයා පරදවයි.
තදින් කිපුණ අනුන් දැක සිහිමත් තැනැත්තා සන්සුන් වීම මෝඩයා පැරදිවීම
කොට මම සලකමි.
මාතලී -
සක් දෙවිඳුනි, මොහු මට බියෙන් ඉවසයි. කියා මෝඩයා කල්පනා කරයි. මෙය
ඉවසීමේ දෝෂයකැයි මම සිතමි. පැන යන කෙනකු යට කරගෙන යන ගව රැළක් මෙන්
මෝඩයා ඉවසන්නා යට කරයි.
ශක්‍රයා -
මොහු මට බියෙන් ඉවසතැයි සිතූවත් නොසිතුවත් කමක් නැත. ස්වාර්ථය ස්වාර්ථය
සඳහාම වෙයි. ඉවසීමට වඩා ලොකු දෙයක් තවත් නැත හොඳම බලවතා දුබලයාට ඉවසයි
නම් එය හොඳම ඉවසීමයි. දුර්වලයා නිතර කීවේ ය. කාගේ හෝ බලය අඥාන බලය නම්
නොබලයටම බලයයි කියවේ. ධර්මයෙන් සංවර වූ බලයට ප්‍රතිවිරුද්ධව කතා
කරන්නෙක් නැත. කිපෙන පුද්ගලයාට කිපීම ඔහුට නරකක්ම සිදු කරයි. කිපෙන අය
කෙරෙහි නොකිපීම ජය ගත නොහැකි සටනක් ජය ගත්තා හා සමානයි. කිපියා වූ
අනුන් දැ නොකිපෙයි නම් ඔහු අනුන්ටත් තමන්ටත් දෙගොල්ලටම වැඩ සිද්ධ
කරන්නෝ මෝඩයෝ යැයි ධර්මය නොදන්න වුන් කියති.
මෙම සංවාදයේ දී අපට ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ප්‍රකාශිතය. යුද්ධයකදී
ප්‍රාණ ඇප කරුවන් වශයෙන් අල්ලා ගන්නා අය පිළිබඳ දක්වන ආකල්පය ඉන් පළමු
වැන්නයි. ප්‍රාණ ඇප කරුවන් සම්බන්ධයෙන් ලේඛන ගත පැරණිතම සාධකය වන්නේ
මෙයයි. ප්‍රාණ ඇපකරුවන් කෙරෙහි මෙත් සහගත සිතින් සැලකිය යුතු යැයි එම
සූත්‍රයෙහි නිර්දේශිත ය. එසේම අනුවණයින් යුද්ධයට පොළඹවා නොගැනීමට
නුවණැත්තන් ක්‍රියා කළ යුතු ය.නියම ජයග්‍රහණය යුද්ධ කිරීම හා ඉන් ජය
ගැනීම නොව යුද්ධයෙන් වැළැකීම බවත් දුර්වලයාට හිංසා කිරීම නොව කරුණාව
දැක්විය යුතු බවත් පුහුදුන් ජනයා සිතන ශක්තිය යැයි සම්මත දෙය අයුක්තිය
අසාධාරණය බව එම සූත්‍රයෙන් ගම්‍ය වේ. මෙහිදී මාතලී යුද්ධය අනුමත කරන
කණ්ඩායම සංකේතවත් කරන අතර ශක්‍රයා යුද්ධය පිටු දකින පක්‍ෂය නියෝජනය කරන
අයුරු සංකේතානු සාරයෙන් ගැඹුරින් කල්පනා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.
සංයුක්ත නිකායෙහිම සුභාෂිත ජයතු සූත්‍රයේ දෙපාර්ශ්වය අතර ඇති වන ගැටුම
සමථයකට පත් කිරීමට යුද්ධයෙන් පරිබාහිර අන් ක්‍රමයක් ඉදිරිපත් වේ. එනම්
සාකච්ඡා මාර්ගයයි. සාකච්ඡාවෙන් අප කාට ජය හිමිවිය යුතු දැයි තීරණයකට
එළඹීමට දේපාර්ශ්වයම එකඟ විය. මෙහිදී වේපචිත්ති ප්‍රකාශ කළ අදහස්
අසහනයට, අසමගියට, හිංසාවට හේතුවන බවත්, එම නිසා ශක්‍රයාට ජයග්‍රහණය
හිමි විය යුතු බවත් තීරණය විය. යුද්ධය සඳහා සුදුසුම මාර්ගය සාකච්ඡා
මාර්ගය බව මෙහිදී අවධාරණය කර ඇත. සාකච්ඡා මාර්ගයට දෙපක්‍ෂයම අවතීර්ණය
වීම අපහසු කාර්යයක් වූවත් කළ යුතුම දෙය වන්නේ ද එයයි. තවද සංයුක්ත
නිකායෙහි කුළාවක සූත්‍රද වැදගත් වේ. “මහණෙනි, පෙර පුවතකි, සුරසූර
සංග්‍රමයක් (යුද්ධයක්) විය. එම සටනින් අසුරයෝ දිනූහ. දෙවියෝ පරාජය වූහ.
පරාජිත දෙවියෝ උතුරු දෙසට පලා ගියහ. අසුරයෝ ලුහු බැන්දහ. එවිට සක්
දෙවිඳු මාතලී රියැදුරුට මෙසේ කීය. “මාතලී සිම්බලි වනයෙහි කුරුලු කූඩු
තිබේ. ඒවා රිය හිසෙන් තල්ලු කරන්න. අසුරයන් පණ නැසුණත් කුරුලු කූඩු
නොනැසේවා “එහෙමයි ඔබට ජය වේවා යැයි කියා මාතලී අජාණීය අසුන් දහසක් යෙද
වූ රථය ආපසු හැරවීය. දෙවන වතාවටත් දෙවියෝ අසුරයන් හා සටනට එතැයි බිය
පත්ව අසුරයෝ පුරයටම දිවුහ. එහිදී ද ශක්‍රයාට ජය ලැබුණි. ධර්මයෙන් ජය ගත
නොහැකි දෙයක් නැති තරම් ය. යුද්ධය නම් විෂය කෙරෙහි සාකච්ඡා වූ බොහෝමයක්
කරුණු ධම්ම පදය තුළද අන්තර්ගත ය.
අක්කොච්ජි මං අවධිං මං - අජිනිමං අහොසි මෙ
යෙතංන උපනයිහන්ති - වේරං තේසූප සම්මති.
“අසවලා මට බැන්නේය. මට ගැසුවේය, මා පැරදුවේයැයි, කෝප කරන්නාගේ වෛරය
නොසන්සිෙඳ් වෛරය සන්සිඳෙන්නේ එබඳු සිතිවිලි නැති තැනයි. යුද්ධ දහසයකදී
දහසක් මරා ජය ගන්නවාට වඩා තමා ජය ගැනීම ශ්‍රේෂ්ඨ ය.
“යො සහස්සං සහස්සේන - සංගාමෙ මානුසෙ ජිතෙ
ඒකං ව ජෙයිය අත්තානං - සවෙ සංගාමජුත්තමො... (සහසු වග්ගය)
ධම්ම පදයේ විවිධ වග්ගවල යුද්ධයට අදාළ තොරතුරු බොහෝමයක් සොයා ගත හැකි ය.
හමුදාව හා භික්‍ෂූන් වහන්සේ අතර පවත්නා සම්බන්ධතාව ද ඉතා
සුපරීක්‍ෂාකාරී එකක් විය. භික්‍ෂූන්ට පනවා ඇති ශික්‍ෂා පද වලදී
භික්‍ෂුවකට හමුදාවට බැඳීමට පෙර හමුදාවේ සිටියදී මහණවීමට හෝ අවසර ලබා දී
නැත. භික්‍ෂුවට හමුදාව බැලීමට යෑම පවා තහනම් කොට ඇත.මෙම අදහස පැන
නැඟුනේ කොසොල් රජුගේ බලසෙන් බැලීමට ජබ්බග්ගිය භික්‍ෂූන් යෑම නිසා ය.
“යො පන භික්‍ඛු උස්සුමිඨං සෙනං දස්සනාය ගච්ජ්‍යෙයං පාවිත්තියං......
එසේ වූවද විශේෂ අවස්ථාවකදී හමුදා සෙබළුන් බැලීමට යෑමට භික්‍ෂුවට ඉඩ ලබා
දී ඇත. මෙහිදී තේරුම් ගත යුත්තේ භික්‍ෂු සමාජය ස්ථාපිත කොට ඇත්තේ සාමය
සමාජය තුළ රෝපණය කිරීම උදෙසා බවය. හමුදා සේනාංක පිහිටුවා ඇත්තේ රට
ආරක්‍ෂා කිරීමට හා අවශ්‍යතාවයකදී යුද්ධ කිරීමට ය. හමුදාවක් රටක
තිබෙනුයේ යුද්ධ කිරීමට නොව රට ආරක්‍ෂා කිරීම හා රටේ ස්වෛරී භාවය රැකීමට
ය. මෙම කරුණු දෙක මනා සුපරීක්‍ෂාකාරීව තේරුම් ගත යුතු දෙයකි.
අංගුත්තර නිකායෙහි යෝධා ජීව සූත්‍රයේ දී යුද භටයකු වීමට තිබිය යුතු
සුදුසු කම් තුනක් දක්වා ඇත.
1. දුර විදීම.
2. අඳුරේ විදීම.
. ලොකු ගස් ගල් පර්වත දෙපළු කිරීම.
යුද භටයා රජුට ආභරණ වන්නේ මේ නිසා ය. ඔහුගේ දැනුම අවශ්‍ය වන්නේ තැනට
සුදුසු අයුරින් ක්‍රියා කිරීමට ය. සංග්‍රාම භූමියට අවතීර්ණ වූ යුද භටයා
බයට තැති ගැනීමට පත් වන්නේ ද ඊට ගොදුරු වන්නන් ගැන කියනුම කවරේද?
බුදුන් වහන්සේ සංග්‍රාහ විරෝධී ආකල්ප තවත් ක්‍රම දෙකකින් දක්වා තිබේ.
ඉන් එකක් නම් රජ පදවිය හැර දමා මහණ වීමයි. දෙවැන්න යුද විරෝධී
ක්‍රමෝපායන් අනුගමනය කිරීමයි. මේ අනුව පැහැදිලි වන්නේ යුද විරෝධී
දෘෂ්ටි කෝණයෙන් බුදු සමය පුරාම තොරතුරු සොයා ගත හැකි බවයි. |