පෙරුම් පුරන්නේ බෝසත් කෙදිනා
නාරාවිල පැට්රික්
බුදුදහමේ දැක්වෙන බෝධිසත්ත්ව සංකල්පය ගැන විමසන විට බෝධිසත්ත්වයා යනු
බුදුවීමට පෙරුම් පුරන්නා වෙතියි අර්ථකථනය කරනු ලැබේ. එනම්, පාරමිතා
පුරන්නා ය. බුදුවීමට බෝධිසත්ත්වයකු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා
පිරිය යුතු යැ යි ද දැක්වේ.
මෛත්‍රී බෝසතාණෝ
|
එයින් ගම්‍ය වන්නේ බුදුවීම යනු කෙතරම් අපහසු කාරියක් ද යන වග යි.
සැබවින් ම සාමාන්‍ය අංක ගණිත ව්‍යවහාරයෙන් ගතහොත්, ඒ මිම්මෙහි සීමාවක්
දැකීම සිතන තරම් පහසු එකක් නොවෙන බව පෙනේ. සතර (සාර) සහ ලක්ෂ යන මිම්මට
නම්, සරල අංකගණිත අවබෝධයෙන් සීමාවක් සිතා ගත හැකි ය. ඊට වඩා විශාල
වුවත්, භාවිත වහරට අනුව කල්ප යන්නට ද අමාරුවෙන් වුවත් කිසියම් සීමාවක්
සිතා ගත හැකි බව පෙනේ. එහෙත් අසංඛ්‍ය හෙවත් නොගිණිය හැකි තරම් ගණනකි යි
කී විට එය කෙතරම් දැයි සිතා ගත හැක්කේ කවරකුට ද?
කෙසේ වෙතත් එසේ සිතා ගත හැකි කාලයක් පෙරුම් පිරූ සිද්ධාර්ථ ගෞතමයෝ බුදු
වූ සේක. සිද්ධාර්ථ යනු මනුෂ්‍ය පුත්‍රයෙකි. මනුෂ්‍යයකුට මිස යක්ෂ, නාග,
දේව, පේ‍්‍රත, තිරශ්චීන ආදී අපට පෙනෙන හෝ නොපෙනෙන කිසිවකුට බුදුවිය
හැකි බවක් කිසිවකු විසින් කිසි තැනක කියා නැත. එබැවින් සාරාසංඛ්‍ය කල්ප
ලක්ෂය යනු අතිශයෝක්ති අලංකාරයෙන් දක්වන ලද සාහිත්‍යාත්මක කියුමනකට වැඩි
හරවත් ප්‍රකාශයක් නොවෙතියි තර්ක කළ හැකි ය.
එසේනම් පාරමිතා පුරා බුදුවීම යනු කුමක්දැයි හැම බෞද්ධයකු විසින් ම සිතා
බැලීම මැනව යි සිතේ. එවිට පාරමිතා පුරා බුදුවන්නට හැකි දැයි ඕනෑම
කෙනකුට අත්හදා බලන්නට හැකිවනු ඇත.
හීනයානිකයෝ හෙවත් ථෙරවාදීහු පාරමිතා දහයක් දක්වති. එනම්
දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරයේන පඤ්චමං
ඛන්ති සච්චමඨට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස
හෙවත්, දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, ක්ෂාන්තිය,
සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රීය, උපේක්ෂාව යනු යි. මේවා බුදු වන්නට පතන
පුද්ගලයකු හෙවත් බෝධිසත්ත්වයකු විසින් ප්‍රගුණ කළ යුතු ධර්ම ලෙස
හැඳින්වෙයි. පාරමිතා පුරන්නේ බුදු වී නිවන් දකින්නටයි. ආර්ය අෂ්ටාංගික
මාර්ගය අනුගමනය කිරීමෙන් ද ඬර්මාණය සාක්ෂාත් කළ හැකි ය. එබැවින්
අටඅරිමගැ යි කීවත්, දසපාරමිතා යැයි කීවත් විග්‍රහයේ වෙනස විනා අරුතින්
ගත් කළ එකක් ම වෙතියි කීම සාධාරණ වෙති යි සිතේ.
අටක්, දසයක් හෝ කවර ගණනකින් ගත්තත්, මාර්ග හෝ පාරමිතා හෝ ගත්කළ ඒවා
ඓහලෞකික හෙවත් මනුෂ්‍යත්වය සමඟ බැඳී කුසල පාක්ෂික ධර්මයෝ ය. සැබවින් ම
පාරමිතා ඓහලෞකිකත්වය තුළ දිට්ඨධම්මවේදනීය ලෙස අත්විඳිය හැකි ඒවා ය. ඒවා
එකක් හෝ දෙකක් උදාහරණ ලෙස ගෙන නොව, කවරක් ගත්තත් ප්‍රායෝගිකව
අත්විඳිමින් ප්‍රත්‍යක්ෂ කළ හැකි ය.
පුද්ගලයකුගේ යහ පැවැත්මට සත්‍යවාදිවත්, අධිෂ්ඨානය හෝ උපේෂාව ආදි කවරක
හෝ ප්‍රායෝගික ප්‍රතිඵල කෙතරම් අසිරිමත් ද? ඒවාට ප්‍රතිපක්ෂ වූ
මුසාවාදය, උදාසිනත්වය හෝ අසමතුලිතතාව හෙවත් අන්තවාදීත්වය කෙතරම් දුරකට
පුද්ගලයන් අසත්පුරුෂයන් බවට පත් කරන්නේ ද?
පාරමිතා විෂයයෙහි විවරණ අතර අත්‍යන්තයෙන් අර්ථ සම්පන්න එකක් විමසා
බැලීම මැනව යි හැඟේ. එනම්, තණ්හා මාන දිට්ඨිහි අනුපහතා කරුණුපාය කෝසල්ල
පරිග්ගහිතා දානාදියෝ ගුණා පාරමියෝ නාම’ යනු යි. එයින් තෘෂ්ණාව, මානය,
දෘෂ්ටිය ආදීන්ගෙන් නොකෙලෙසුණු, කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත
හෙවත් ආරක්ෂිත දානය ආදී ගුණධර්ම පාරමිතාවෝ නම් වෙති යන අරුත නැංවෙයි.
තෘෂ්ණාව නම් “මම’’ විසින් පසිඳුරන් මඟින්, මනස විසින් අරමුණු කරන ලද
සියල්ල මට ම පමණක් වේවා යි අයිති කර ගන්නට මෙහෙයවන ලෝභ චෛතසිකය යි.
මානය යනු මම සියලු දෙනාට වඩා උසස් වෙමි යන උඩඟු චෛතසිකය යි. දෘෂ්ටිය
යනු යමක ස්වාභාවික තත්ත්වය හෙවත් ඇති සැටි තේරුම් ගත නොහැකිව
සිටියදීත්, එහිලා තමාගේ දැක්ම නිවැරැදි වෙති යි ඇති වන චෛතසිකය යි.
ඕනෑ ම පාරමිතාවක් එකී අකුසල පාක්ෂික තත්ත්වයෙන් මිදිය යුතු ය. ඒ එක්ක ම
අනුන් දුකින් මුදා ගැනීමේලා අනුකම්පා සහගත හැඟීම හෙවත් කරුණාවෙන්ද,
දාදාදි ධර්මයනට නිමිත්ත වන උපාය කෞශල්‍යය හෙවත් ප්‍රඥාවෙන් ද පිරිපුන්
විය යුතු ය. පාරමී ධර්මයන් පල දරන්නේ එකල්හි ය.
පාරමී යන්න මෙසේත් අර්ථකථනය කර ඇත. ‘ පරමස්ස බෝධිසත්තස්ස භාවෝ කම්මසං
වා පාරමි’ යනු යි. එනම්, උත්තරීතර බෝසතුන්ගේ ස්වීයත්වය හෝ කි‍්‍රයාව
හෙවත් කිරීමය පාරමි නමි. මෙහිදී කවර වචන යෙදුවත්, ස්වීයත්වය හෝ
ක්‍රියාව යන්න අත්‍යන්තයෙන් වැදගත් ය. එසේ වන්නේ එය, ප්‍රායෝගික,
දිට්ඨධම්ම වේදනීය, පුද්ගලබද්ධ ආදි විසින් ඓහලෞකික වන හෙයිනි.
බුදුදහමින් හෝ එය ඉදිරිපත් කරන පාරමී ආදී ධර්මයන්ගෙන් නිසි පල ලද
හැක්කේ, එක් එක් පුද්ගලයා විසින් ඒවා හරි හැටි තේරුම් ගැනීමෙන් මිස,
තවත් පුද්ගලයකු තේරුම් කර දෙන හැටියට කඩපාඩම් කර ගැනීමෙන් නොවේ.
එනම් වියුක්ත සංකල්ප ලෙස හුදකලා කර තැබීමෙන් නොවේ. ඒවා පුද්ගලබද්ධව
ක්‍රියාත්මක කිරීමෙන් සංයුක්ත සංකල්ප බවට පත්විය යුතුය. එනම් ස්වාත්ම
අවබෝධයක් බවට පත්වීම යි.
දානය, ශීලය, භාවනාව හෝ අන් කවරක් නමුත් ස්වාත්ම අවබෝධයෙන්, ආධ්‍යාත්මික
ස්ථාවරත්වයකට පත්කර ගැනීමෙන් විනා දාන ව්‍යාපාර, ශීල ව්‍යාපාර, භාවනා
ව්‍යාපාර ලෙස ග්‍රහණය කිරීමෙන් පාරමිතා සාධනයක් සිදුවෙති යි සිතිය
නොහැකි ය. සිතා හෝ නොසිතා ව්‍යාපාර යන්න යෙදීමෙන් එහි ඕලාරිකත්වය
සංකේතවත් වන්නා සේ පෙනේ. එවන් ඕලාරික තත්ත්වයෙන් දැන ශීල ආදී පාරමිතා
සංයුක්තගත කළ හැකි වුවත්, ප්‍රඥා , අධිෂ්ඨාන, උපේක්ෂා වැනි පාරමිතා,
ව්‍යාපාර ලෙස පූර්ණය කළ හැකි ඒවා නොවේ මැ යි.
බුදුන් වහන්සේ හෙළි පෙහෙළි කළ දහම සර්වාකාලීන, සාර්වභෞමික එකක් බව
නොකියමනා ය. ඒ හා සසදා ගත් විට විද්‍යාත්මක හෝ ධනාත්මක චින්තනය හා නව
තාක්ෂණය ද නිසා මිනිසා බෙහෙවින් පුළුල් වශයෙන් නිම්වළලු පුපුරුවා
හරිමින්, හුදකලා බවින් මිදී විශ්වය පුරා කරණම් ගසන්නට පටන්ගෙන ඇත.
මානවයා සමූහිකව ද ඥාන සම්පන්න වෙමින් ඉදිරියට පියවර මනිමින් සිටී.
හෙතෙම පියවරින් පියවර ගුණෝත්ර ශ්‍රේණිගතව චින්තනශීලි ය.
නව තාක්ෂණය මගින් නිපදවා ගත් ඉමක් කොතෙක් නැති මෙවලම් සමඟ ගැටීමේදී
ඔහු අවදානමට ලක්වීමේ ප්‍රවණතාව ද අසීමිත ය. මහායාන දහමට අනුව හැම
පුද්ගලයෙක් ම බෝධිසත්ත්වයෙකි. එනම් බුදු වන්නට පෙරුම් පුරන්නෙකි. එනම්
ලෝක ධර්මයක් සමඟ ගැටෙමින්, සිත් කම්පා කර නොගෙන ශෝකයෙන් හා රජසින් තොරව
ක්ෂේමය හෙවත් විමුක්තිය සාක්ෂාත් කර ගන්නට වෙර දන්නෙකි. එසේ වෙර
දරන්නේ්නම්, එපමණට ම විමුක්තිය සාක්ෂාත්වීමේ ප්‍රවණතාව වේගවත් කර ගත
යුතු ය.
එසේ නොවතොත් ජීවිත්වීමෙන් කවර නම් පලක්ද? අපි බුදුදහම තේරුම් ගතුමු
නම්, ඒ තරමටවත් අපි කවර ප්‍රතිලාභයක් ලබා සිටිමු දැයි විමසා බැලීම
මැනවි. කෙනකු බුදුදහම තේරුම් ගෙන ඇතොත්, එපමණට ම ඉන් ලබා ඇති
ප්‍රතිලාභයක් තක්සේරු කර ගන්නට අපට හැකි විය යුතු ය. සත්‍ය වූ අවබෝධය
නම් එය යි. |