Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු උළෙලට දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 2008 ජනවාරි 14 වැනි දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත් වේ.

ඒ අනුව මෙම උඳුවප් පෝදා පෙරවරු 9 – 10 දක්වා දහම් දෙසුම පන්නල ඤාණාලෝක හිමියන් විසින් ද සවස 3 – 4 දක්වා දහම් දෙසුම දැදිගම තිලකවංස නාහිමියන් විසින් ද පෝදා සිට රාත්‍රී 7 – 8 දක්වා දිනපතා පිළිවෙළින් මාරපන විජිත නාහිමි පානකාවේ පේමරතන නාහිමි බලබෝවේ විමලකිත්ති හිමි මල්වානේ චන්දරතන හිමි, ආචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්‍ඛන්ධ නාහිමි, මුදුළුවාවේ සෝභිත හිමි, බොරැල්ලේ අතුල නාහිමි, රත්කරව්වේ පේමානන්ද හිමි යන ස්වාමීන් වහන්සේලා මෙම 30 වැනි දා දක්වා දහම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.