Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාමල්තලාවේ පින්කම් රැසක්

අම්පාර නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමයේ දී දෙසැම්බර් 17 වැනි දා දවස පුරා පින්කම් රැසක් සිදු කිරීමට විහාරාධිපති ගම්පහ නාරද හිමියන් ඇතුළු සංවිධායක කමිටුව කටයුතු යොදා ඇත. එදිනට නියමිත වැඩසටහන් අතර ඇස් කණ්නාඩි දහසක් බෙදා දීම, ප්‍රදේශයේ දහම්පාසල්, පාසල් පුස්තකාල සඳහා ධර්ම ග්‍රන්ථ බෙදා දීම, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වනු ලබන වෛද්‍ය සායනය, ගර්භනී මාතාවන්ට දිවා ආහාර වේලක් සහ පෝෂණ මල්ලක් ලබා දීම, රෝද පුටු සහ කිහිලිකරු බෙදා දීම ආදිය ඇතුළත් වේ.

එදින පෙරවරු 9.00 සිට පැවැත්වෙන එම පින්කම් වලට අමතරව බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ධර්මදේශනාවක් එදින සවස 4.30 ට පැවැත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.