UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බලබෝවේ සුධර්මාරාමය



ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ දෛනික ආගමික වතාවත්වල නියැළෙන අවස්ථාව


අධ්‍යාපන කටයුතුවල නිරත වන අයුරු

සම්බුද්ධ ජයන්තිය (2550) පාදක කරගෙන ලක් සසුන නගා සිටුවීමේ දැවැන්ත මහා ආගමික ප්‍රබෝධයක් සිදුකරමින් පවතින මෙවන් මොහොතක, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දෙවලපොල, නැගෙනහිර බලබෝවේ රමණීය පරිසරයක පිහිටා ඇති ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය සහ පිරිවෙන, එහි සිදුකරන ශාසනික මෙහෙය මුල්කරගෙන, ප්‍රදේශවාසී බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වී ඇත.

ථෙරවාදී නිර්මල බුදුදහමේ අනාගත පැවැත්ම උදෙසාත් බොදු ජනතාව ගැනත්, සිත් සතන් යොමු කළ බලබෝව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති කුරුවිට චන්දා නන්ද හිමියෝ තමන් වහන්සේ ගුරුවරයකු වශයෙන් ලබන වැටුපත් උන්වහන්සේගේ පෞද්ගලික ධනයත්, ප්‍රදේශ වාසීන්ගෙන් ලැබෙන ආධාර උපකාරත් වැය කරමින් උතුරු නැගෙනහිර ගැටලු නිසා අවතැන් වූ සහ සුනාමි ව්‍යසනය නිසා අවතැන් වී ඇති පැවිද්ද ඉල්ලා සිටි දරුවන් 46 දෙනකු වැඩිහිටි කැමැත්ත මත සසුන් ගත කොට, ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ පිරිවෙනක් අරඹා ආගමික මෙහෙවරක නියැලෙමින් සිටිති. මේ වන විට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 51 නමක් පමණ පිරිවෙනේ ඉගෙනුම ලබති. චන්දානන්ද හිමියෝ ශිෂ්‍ය හිමිවරුන්ට ආදර්ශයක් දෙමින්, අල්පේච්ඡ දිවියක් ගෙවති. 50 නමක් පමණ භික්‍ෂුන් වහන්සේට දාන සැපයීම, දායකයන්ට තරමක දුෂ්කර කාර්යයක් බැවින් විහාරස්ථානයේම දානය පිළියෙල කරති. භික්‍ෂූන් වහන්සේ අතින්ම නඩත්තු වන එළවළු කොටුවෙන් අවශ්‍ය එළවළු වර්ග සපයා ගනිති.

චන්දානන්ද හිමියන්ගේ අනාගත අපේක්‍ෂාව වී ඇත්තේ ධර්ම ප්‍රචාරය කිරීමට දැනුම ඇති ධර්ම විනය ධර, භික්‍ෂූන් වන්සේ සසුනට දායාද කර, දැනට වැසී යමින් පවතින විහාරස්ථාන ආරක්‍ෂා කිරීමත්, ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා භික්‍ෂූන් වහන්සේ පුරුදු පුහුණු කර බුදු දහම ලෝකවාසීන් තුළ සීග්‍රයෙන් ප්‍රචලිත කිරීමත් ය.

පිරිවෙන් භික්‍ෂූන් වහන්සේගේ නේවාසික ගැටලු හා දාන ශාලා පහසුකම් අඩුවීම, පිරිවෙන් ගුරුවරුන්ගේ අඩුපාඩු, පුස්තකාල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ආදී අඩුපාඩු රැසක් මෙහි පවතින බව චන්දානන්ද හිමියෝ පවසති.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]